(නිමන්ති රණසිංහ )

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රාථමික කර්මාන්ත සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශවලට අයත් විෂය පථ ගැසට් කරනු ලැබ ඇත.

මේ අනුව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක යටතට ලංකා ලේලන්ඩ් ලිමිටඩ් සීමාසහිත ජාතික කඩදාසි සමාගම ජාතික ලුණු සමාගම, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව හා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ඇතුළු ආයතන 12 ක් ඇතුළත් වෙයි.

ඊට අමතරව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා යටතට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය ජාතික ශිල්ප සභාව ලංකා සළුසල ලිමිටඩ් ඇතුළු ආයතන 11 ක් ඇතුළත් කර ඇත.

මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසිනි.