(යොහාන් භාසුර)
ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ සටනේදී සහයෝගය දැක්වූ ප්‍රවීණ සංගීතඥා ආචාර්ය රෝහණ වීරසිංහ මහතා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ රජයට එරෙහි ජනතාව ගෙන යන අරගලයට සහයෝගය පළකර තිබේ.
රෝහණ වීරසිංහ මහතා සිය ‘ෆේස්බුක්’ පිටුවේ පහත සටහන යොදා තිබේ.
“අපේ ආදරණීය නන්දා අක්කාත් සුනිල් අයියාත් අද ගෝටාගෝ ගම අරගල භූමියට යාමත් සමග මගේ නිහඩ බව ගැන බොහෝ දෙනෙක් දැන් විමසනවා. ඇත්තෙන්ම මුලු හදවතින්ම මා මේ අරගලයට සුබ පතනවා! ආශීර්වාද කරනවා.
බොහෝ දෙනා මාවෙත ඇගිල්ල දිගුකරන අයුරු කලක් රාජපක්ෂවරුන්ට කඩේ යාම පිළිබඳව අද මට ඇත්තේ විශාල පශ්චාත්තාපයක්. මගේ ජීවිතයේ මැකිය නොහැකි කලු ලපයක් ඇතිවූ බව මම හිතට එකගව පිලිගන්නවා. කවුරු අතිනුත් එවැනි වැරදීම් සිදුවීම ස්වභාවික දෙයක්.
2019 දී මාද 69 ලක්ෂයේ එක් අයෙකු වූවා පමණි. ඒ වනවිට ශ්‍රී ලංකාවේ මුලු දේශපාලන ක්ෂේත්‍රය පිළිබදවම අසීමිත කළකීරීමට පත්ව සිටිමුත් 69 ලක්ෂයේ අන් හැමදෙනා මෙන්ම මමත් ඒ සිහින බලාපොරොත්තුවලට යටවුන බව සත්‍යයක්.
ඒත් අද මේ යතාර්ථය සක්සුදක් සේ පැහැදිලියි. හොරකම- දූෂණය - වංචාව පවුල්වාදය - අවනීතිය - අකාර්‍යක්ෂමතාව - නිර්ලජ්ජිත බව මේ පාලනය තුළ පැහැදිලිවම ඔප්පුවී තිබියදීත් ජනතාවට කන් නොදීම නින්දා සහගතයි.
නිහඩව සිටියත් ජනතා අර්ගලයේ නාඩිය මටත් දැනෙනවා. අරගලයට ජයවේවා”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම, උඩු සිතට මොනදේ දැනුනත්, යටි සිතට එය වසන් කරන්න බැහැ නේද රෝහණ වීරසිංහ මහත්මයො.. ඇඟ බේරගෙන ඉන්න හොඳම කතාවක්..
සුනිල් සර්, නන්දක්කා පාස්කු ප්රහාරයටත් සින්දු කිව්ව නේ. හැබැයි අරන්තලාවේ භික්ෂු ඝතනයටවත් ශ්‍රි මහ බෝධිය ළග උපාසකවරු ඝතනයටවත් එහෙම උනේ නැහැ. ඇයි ඒ.
අදාල කාරන වලට විරුද්ධව ලියා එවන, මත, අදහස් පල නොකරන්නේ ඇයි
ඔබතුමාටත් වැරදුනා අපිටත් වැරදුනා.මුන්ට විරුද්ධ අපි තවමත් ඉන්නවා. මුන් රට කෑවා. සක්කිළි පෙරේතයෝ.
රාජපක්‍ෂ පවුල රට විනාශ කිරීමට අදාලව මාධ්‍ය වේදීන් ද ඊට වගකිව යුතු යි. මහින්ද රට සුරා ගෙන කන බව දැන දැනත් එතුමාට අපි ඡන්දය දුන්නේ යුද්ධය ඉවර කරපු නිසා. ගෝටාට අපි ඡන්දය දුන්නේ රට ගොඩනගයි යන විශ්වායෙන්. ඩින්කි Dinki ලමා චිත්‍රපට ය මුලයාධාර ණය ගැටළු ව සම්බන්ධයෙන් ඔම්බුඩ්ස්මන් තීරණ පවා පැත්තකට විසිකරලා දාපු රාජපක්ෂලාට සහ උන්ගේ හෙන්චයියන්ට දේව ශාපය මේ පටන් ගත්ත විතරයි. ජාත්‍යන්තර මානව හිමිකම් වලට ත් යන්න ඕන.