
වෙස්ට්මිනිස්ටර් ශාලාවේ දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහය අසල රාජකාරියේ නියුතුව සිටි රාජකීය ආරක්ෂකයෙකු ක්ලාන්ත වී දේහය තැන්පත් කර ඇති වේදිකාවෙන් ඇද වැටුණු බව විදෙස් මාධ්‍ය වාර් තා කළේය.
ඇද වැටුණු ආරක්ෂකයා වහා එතැනින් ඉවත් කර ප්‍රතිකාර ලබා දීමට බ්‍රිතාන්‍ය පොලිසිය කටයුතු කර ඇතැයි පැවැසෙයි.
ඇද වැටුණු ආරක්ෂකයා එතැනින් ඉවත් කිරීමෙන් පසු නව ආරක්ෂකයෙක් එම ස්ථානයේ රාජකාරි කටයුතු සිදුකිරීම සඳහා යොදවා ඇත.
දෙවැනි එළිසබෙත් රැජිනගේ දේහය ආරක්ෂා කිරීම රාජකීය ආරක්ෂකයින් සහ රාජකීය හමුදා කණ්ඩ වෙත භාරව ඇත.ආරක්ෂකයා ක්ලාන්ත වී ඇද වැටීමෙන් පසු බී.බී.සී පුවත් සේවයේ සජීවී විකාශයද මිනිත්තු කිහිපයකට නතර කළ බව විදෙස් මාධ්‍ය වාර් තා කළේය.
දෙවැනි එළිසබෙත් රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට එළඹෙන 19 වෙනිදා තෙක් පැය 24 පුරා ඉඩ සලසා ඇති අතර ආරක්ෂකයින් පැය 6 බැගින් සේවා මුරවල රාජකාරි කටයුතු සිදු කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුර්වල සෞඛ්‍ය තත්ත්වය ලෝකෙම වෙලාගෙන...
පව්... ඒ අහිංසකයා ලංකාවේ කෙනෙක් වෙන්න ඇති... මේ දවස්වල බඩගින්නේ කලන්තේ දාලා වැටෙන අය ඉන්නේ මේ රටේ...
මියගිය අයෙකුට මොකටද ආරක්ෂාවක්... මොකද හොරකම් කරන්න කියලද?
මේ අහිංසක ආරක්ෂක නිධාරියාට වෙලවකට කෑමක්වත් නැතිව ඇති මෙයාලගේ මනස්ගාත වැඩ නිසා.
" යකෙක් ගහලා" කියලයි එංගලන්තේ ඉන්න ශ්‍රී ලාංකිකයින් සහ ඉන්දියන් කාරයින් කියන්නේ.
පව් අහිංසකයා. රැජිණගෙ අවතාරය වෙන්නත් බැරි නෑ.
මොන විකාරද මේ? අර කිව්වත් වගේ අර මනුස්සයා උදේට කාලා ගිහින් නැතුව ඇති..