(නිමල කොඩිතුවක්කු)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) පෙරවරුවේ අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීය.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට අද පෙරවරු 11ට පමණ ගොස් රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීමෙන් පසුව විපක්ෂ නායකවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වනු ලැබීය.
පවත්නා නීතිමය තත්ත්වය තේරුම් ගනිමින් රන්ජන් රාමනායක මහතා වහාම පාර්ලිමේන්තුවට ගෙන්වීමට කතානායක වරයා කටයුතු කළ යුතු බවද එහිදී සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
සිරගෙදර තුළ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ජීවිතය බරපතල අවදානමකට ලක්ව ඇති බවත් ආණ්ඩුව මේ පිළිබඳව වහාම සිය අවධානය යොමු කළ යුතු බවත් ප්‍රේමදාස මහතා පැවසීය.
තම පක්ෂය රංජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙනී සිටින බවත් ඔහු වෙනුවෙන් ගත හැකි සෑම ක්‍රියා ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් විපක්ෂනායකවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්, ඉතින් ලොක්කෝ කියපු දේවල් කරලනේ රංජන්ට ඔය දඬුවම ලැබුණේ. බලන්නවත් යන්න ඕනෑනේ...
හිරේ, විලංගුවේ සිටින කෙනෙකු බලන්න ගිහින් එතනත් පාට පාට කැට ඉදිරියේ ගොන් පාට්.... අනේද කියන්නේ මෙහෙමත් අය?
මිනීමරුවන්, අපරාධ කාරයන්, මහා පරිමාණ හොර දූෂිත දේශපාලුවන්, කුඩු ජාවාරම් වලට හවුල් උදවිය අද නිදහසේ නිදැල්ලේ. නීති පොතේ තිබුණට වැඩ සිද්ද වන හැටි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
ඉස්සර අපරාධ කාරයෙක් හිරේ අච්චු කරන එක සැලකුවේ මහා අවනම්බුවක් විදියට. ඒ වගේ අපරාධකාරයින්ව බලන අය වුණත් ගියේ ඉතාම අප්‍රසිද්ධියේ... ලැජ්ජාව නිසා. එ්කට අද? අපරාධකාරයාව බලන්න යන්නේ කැමරා අරගෙන, බෙර ගහගෙන, කොටින්ම රටට පෙන්නනවා අපරාධකාරයෙක් වෙනවා කියන්නෙත් ජොලි වැඩක් කියලා, ඉතින් රටේ අපරාධ අඩු වෙයිද?
දුප්පතාට කිවිසුමක් ගියත් හිරේ. බිලියන් ගණන් හොරකම් කළවුන් රජමැදුරේ...
මෙයා බොරු රැවුල් කාරයාවත් බේරගන්න ගියානේ...
පක්ෂ, පාට නැතිව මිනිස්සු රන්ජන් මහතා වෙනුවෙන් පෙනී ඉන්න ඕනෑ. අධිකරණය දූෂිතයි කියපු එක වැරැදි වෙන්නේ කොහොමද? සරත් එන් සිල්වා මහත්තයාත් කිව්වේ හිරේ ඉන්න ඕනෙ කෙනෙක් රජමැදුරටත් යැව්වා කියලා...
පුතාණෝ බලන්න ගිහින් තියෙන්නේ..වෙන කරන්න වැඩ නැති හින්දාම හොඳයි.
මඟ ඉඳන්ම අල්පොන්සෝට වැඳගෙන යන්නේ. සජිත් ගැන කීව හඬපටය අපිත් ඇසුවා.