(නිමල කොඩිතුවක්කු)
පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂය තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
මෙම විනය පරීක්ෂණ මත අද හෝ හෙට දිනයේදී පක්ෂය රන්ජන් රාමනායක මහතා සම්බන්දයෙන් තීන්දුවක් ගන්නා බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට අද (8) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එමෙන්ම රන්ජන් රාමනායක මහතාගේ හඬ පට සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත්කර විමර්ශනයක් සිදුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.
අධිකරණ පද්ධතියට බලපෑම් කර ඇති බවට හෝ නීතියට පිටින් කටයුතු කර ඇති බවට මෙම හඬපට මගින් තහවුරු වෙන්නේ නම් එම පුද්ගලයන්ට එරෙහිව තරා තිරම නොබලා අවශ්‍ය දඬුවම් ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන් කියන්නේ මී හරකෙක් බව දැන්වත් තේරුම් ගත්හ එක ලොකු දෙයක්.
තේරීම් කාරක සභා එපා. පාස්කු ප්‍රහාරයේ තේරීම් කාරක සභාව අපේ විශ්වාසය බිඳදැම්මා...!!!
යහපාලනය වෙනුවෙන් දුක් ගත්තාවූද, බර ඉසුලුවා වූද, නිරංජන් මාගේ සෙවනැල්ල යටට වරෙන්...!
හාමුගේ එක ලීක්වුණාම තමයි දෙලොව රත්වුනේ.. නේද අකිල? රනිල්ටද නීතිය ක්‍රියාත්මක කළයුතුයි.
225 අතර සිටින තවත් කෙනෙක්...
දේශපාලන වශයෙන් අකමැති වුවද සිරගත නොවිය යුතු හොරෙක් නොවන දේශපාලකයෙකි. තිත්ත ඇත්ත කතා කරන රංජන්ව අත්නොහරින ජනතාවක් රටේ සිටිති. ඔහුගේ සමහර ක්‍රියාකාරකම්වලට අකමැති වුණත් නොබියව අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව ඉතා අගය කොට සැළකිය යුතුයි. ගැතිකමින් හෝ වහල්බවකින් තොරව ඉදිරියට යාමේ ශක්තිය ඔහුට ලැබීමට මම ප්‍රාර්ථනා කරමි.
රන්ජන්ගේ කයිවාරුත් මඩ ගැසීම්, මාධ්‍ය සංදර්ශන පමණයි. කරපු දෙයක් නැහැ.
විනය නම් අන්තිමයි...
ඉදිරි ඡන්ද වලදීවත් ටිකක් හරි උගත්කමක් තියෙන පිරිසක් තෝරලා රංජා වගේ අය කැමරාව ඉදිරියට පමණක් සීමාකරමු. මෙයා කවුද කියලා දැන් පැහැදිලිවම මුළුරටම දන්නවා.
ඔය එජාප නඩයම කරන්නේ එකම දේ.. රට කනවා.
කමෙන්ට්ස් දාන ළමයි කලබල වෙන්න එපා. තිර පිටපත ඉතා හොඳින් ගලපන ලද, දක්ෂ අධ්යක්ෂවරයෙක් යටතේ නිර්මාණය කරන ලද නාට්‍යයක් මේක. ඒ නිසා වැඩිය හිතන්න එපා. 'ඇතුලට ගෙට් අවුට්' කේස් එකක් මේක...
අයි රන්ජන්ට විතරක් විනය ක්‍රියාමාර්ග ගන්නේ? එතකොට මේ හඬපටවලට සම්බන්ධ පක්ෂයේ අනෙක් අයට මොකද කරන්නේ...? විනය ක්‍රියාමාර්ග හරියට ගත්තොත් දැනට පක්ෂයේ ඉන්න අයගෙන් හතර පස් දෙනෙකුට වඩා ඉතුරු වෙන එකක් නැහැ නේද? මහලේකම්තුමනි...
බොන්ඩ් කේස් එකේ හඬ පටි ඇහැව්වොත් කාගේ කාගේත් පටිරෝල් වේවි නේද?
රන්ජන්ට චෝදනා කරන්න කලින් රට කාපු අයට විනය තියන්න රංජන් මොනවා උනත් දුප්පත් මිනිසුන්ගේ පිහිටට හිටපු කෙලින් කතාකරපු එකම නියෝජිතයා.
මේකට විසදුම විය යුත්තේ සහ විසදුම් දිය හැක්කේ ජනතාවට පමණි. ඔබ!!! කලාකරුවෙක් හෝ ක්‍රීඩකයෙක් දේශපාලනයට එනවිට ඔහුගේ හෝ ඇයගේ දේශපාන සහ අධ්‍යාපන සුදුසුකම් මොනවද කියා බැලිය යුතුයි . ඔහු හෝ ඇය ජනප්‍රිය වුන ගමන් දේශපානට සුදුසු පුද්ගලයෙකු නොවිය හැකිය. දේශපාලකයා යනු රට වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන්, ආර්ථිකමය හෝ වේවා දේශපනනිකව හෝ වේවා රටට සහ රටේ අනාගතය වෙනුවෙන් ( ජනතාව ) රටට ගැලපෙන තීන්දු තීරණ ගන්න පුද්ගලයෙකු විය යුතුයි.
මේ වගේ මිනිසුන්ට ඡන්දේ දෙන අපියි මෝඩයෝ.................
රැකියාව හෝ උසස්වීම ලබන කෙනා කතෝලිකද කියා සොයා බලන්න තරම් උග්‍ර කතෝලිකයෙක් බව පෙන්වන මොහු මොහුගේ ආගම් විෂය ෆේල්. මේගොල්ලෝ කතෝලික බලවේගය හෙවත් "කැතලික් ඇක්ෂන්" ක්රීයාත්මක කරන්න හදන කට්ටිය හාමුදුරුවනේ....................
නැහැ නැහැ අපි කලබල නැහැ. හොඳට කේස් එක ස්ටඩී කරලා අපි ලියන්නේ. මම ලියන වෙලාව චෙක් කරන්න මම මෙතැන උදේ ලියන අදහස සවස දේශපාලකයෙක් ඒ සමානව එයාගේ අදහස ප්‍රකාශ කරනවා...