(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරණ වේදිකාවේදී අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම පිළිබඳව රාජිත සේනාරත්න මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ නම්, ‘එම්.සී.සී ගිවිසුමෙන් රට බෙදනවා, රට ඇමෙරිකාවේ කොළනියක් කරනවා’ යනුවෙන් බොරු ප්‍රචාර ගෙනගිය උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ටත් නඩු පැවරීමේ හැකියාව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවැසීය.
දේශපාලනඥයන් ප්රවෘත්ති සාකච්ඡාවල හෝ වේදිකාවල කියන කරුණු මත ඒ ඒ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය මත නඩු පවරන්නේ නම් මේ රටේ සිටින සියලු දේශපාලනඥයන්ට විරුද්ධව නඩු පැවරීමට සිදුවනු ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට අද(26) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
ප්රවෘත්ති සාකච්ඡාවකදී වැරදි කරුණක් ප්‍රකාශ කළා යනුවෙන් ඉතිහාසයේ කිසිදිනක අපරාධ නඩුවක් පවරා නොමැති බව පැවසූ මන්ත්‍රීවරයා එවැනි නඩු පැවරීමට දණ්ඩ නීති සංග්‍රහයේ කිසිම ප්රතිපාදනයක් නොමැති බවත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවරුදු 4ක් සද්ද නැතුව ඉදලා දැන් බොරුවට කයිවාරු ගහනවා
ඒ කතා බොරුනම් මොකද ගිවිසුම මහජනතාවට දැනගැනීමට සැලසුවේ නැත්තේ? මොකටද හොරට ගිවිසුම් අත්සන් කරන්න හැදුවේ?
මෙයාගේ දැනුම ගැන අපිට තේරෙනවා. එම්සීසී වගේ ඒවා ඇත්තද? බොරුද? දැන් කමිටුත් දාලා පරීක්ෂා කරන්න. කොහොමටත් කූරු ගණන් කරන්න වෙයි බැඳුම්කරයට.
වැරදි කරලා නැත්නම්.., ඔයාලා කියපු විදියටම අධිකරණයත් ස්වාධින නම්, ඇයි හැංගිමුත්තං කරන්නේ?
තව අවුරුදු 5 කින් මෙයාලා ගෙදර... එතකොට පටන් ගන්න රනිල්ට ගේම් ගහන්න දෙන්න එපා. සෙට් එකම යවන්න දේවල් ඕනෑතරම් ඇති එකතුකර ගන්න...
මෙයත් ඉස්සර ජේ.වී.පී විදියට බොරු රංගනයක් කරලා පස්සේ සිරිකොතේ රිංගාගෙන හිරිකිත වැඩකරන වාචාලයෙක් බව කිවයුතුයි.
මෙහෙමත් මහජන නියෝජිතයන්... ෆුට් නොට් කල්ලි ප්‍රබල සාමාජිකයෙක් නේ මේ. කතාකරොත් නම් මම තමයි සියල්ල දත් බුද්ධිමතා, උගතා. අනේද කියන්නේ... කටේ කයිවාරුව රෙද්ද පල්ලෙන් බේරෙනවා අජිත් ගොයියෝ.. පොඩ්ඩක් බලන්න ඉන්න තැන.
ඉතින් මොකද බලාගෙන ඉන්නේ..? නඩු දැම්මා නම් ඉවරයිනේ.. නීතිය කාටත් පොදුයි. තමුන්ලා ගෙනාපු සාධාරණ නීතියලුනේ දැන් තියෙන්නේ..
වෙනස් විදියට වැඩකරන ජනාධිපති කෙනෙක් ආවා විතරයි... මෙතුමාට කසන්න පටන් අරන්...
කට තියෙන පලියට සද්ද දාන්න එපා.. ඔයාලා තමා යූ.එන්.පී..ය කෑවේ.
ඔබතුමාලට 2015 ඡන්දෙ දුන්නේ හොරු අල්ලලා හිරේ දාන්න. එහෙම කළා නම් තවමත් ඔබතුමාලා බලයේ ඉන්නවා. නොකරපු නිසා ගෙදර යන්න වුණා. මේකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ ඔබතුමාලගේ නායකයා... එයා ඉන්නකම් UNP එක ඉවරෙට ඉවරයි.
බොරු කියන තරමට හිරේ දාන්න ගියොත්, නුඹලා කවුරුත් එළියේ ඉතිරි වන්නේ නැහැ. ගිහි, පැවිදි, උගත් නූගත්, මැතිවරණ වේදිකාවේ සිටි සියල්ලන්ම ගස්...
ගම්මන්පිලට නම් දැන් එම්.සී.සී එක 70%ක් හොඳයිලු... !
ඉතින් ඔබලාත් නීතිමය පියවර ගන්න නිකන් කියව කියවා ඉන්නේ නැතුව. එතකොට දෙපැත්තේම ඉන්න මෙලෝ වැඩක් නොකරන වාචාලයෝ ටික හරි මට්ටු වෙයිනේ.
ගිවිසුමක් අත්සන් කිරිම අපරාධයක් නෙවෙයි. මිනිස්සු සුදු වෑන් එකකින් අරන් ගිහින් මරලා දාන එක අපරාධයක්... මනුෂ්‍ය ඝාතනයක්. අජිත් මහත්තයාට ඔය දෙකේ වෙනස තේරෙන්නේ නැද්ද?
දැන්ද කියන්නේ අවුරුදු 5ක් බම්බු ගැහැව්වාද? හලෝ ඔහේගේ කේන්දරෙත් බලා ගත්තොත් හොඳයි.
ඔබ ඇතුළු "සජිත් එනවා" කණ්ඩායම පක්ෂය දුර්වල කරාට වග කියන්නේ ඕනේ. තම තමන්ගේ පුද්ගලික වාසි වලට පක්ෂය විනාශ කරා. තව කෙනෙක් ලෑස්ති වෙන්න ඇතුළට යන්න..
මේ කැකිල්ලේ ආණ්ඩුවට මිනිස්සු හිරේ දාන්න හරි චෝදනා අවශ්‍ය නොවේ. ෆොන්සේකා හිරේ ගියේ බොරුවට ගොතපු චෝදනා වලටයි.
මටනම් මේ රටේ වෙන දේවල් දැකලා තිත්ත වෙලා.
මේ ඉන්නේ තවත් එක්කෙනෙක්. බොරු ඇත්ත වගේ කියන කෙනෙක්.
හරි ඔයාලට අවුරුදු හතරහමාරක් දුන්නා ඔයාලා ටිකදෙනෙකුට සැපගන්න ඉඩ දුන්න දැන් ඔයාලගේ වාරෙ ඔන්න ඔහේ ගිහිල්ල රෝහලේ වාට්ටුවේ ඉදල විවේක අරගෙන ඊලග මැතිවරණයට සුදානම් වෙන්න අපේ මෝඩ ඡන්ද දායකයෝ සුදානම් ඔබලාව අයෙත් මැතිසබේට යවන්න.
අවුරුදු 5ක් මොකද කරේ.
අජිත් පෙරේරා මන්ත්‍රී කියන කතාව හරි.
අවුරුදු පහක් බලයේ හිටිය නේද. විශේෂ මහාධිකරණයත් ගෙනාව නේද. ඇයි කරන්න බැරිවුනේ?
ලැබූ ජය සාමකාමිව සමරන්න
කොහොමත් මේ ආණ්ඩුව බොහොම දක්ෂයි.. පුද්ගලික පළිගැනීම්වලට තව සෑහෙන ලිස්ට් එකේ ඉන්නවා. පොඩ්ඩක් ඉන්න.. 19 අහෝසි කරලා පාර්ලිමේන්තු ඡන්දෙත් දිනලා ඒකාධිපති බලතල ටික ගන්නකන් දෙන්නටම සල්ලි විසි කරනවා.
රාජිතට, පාඨලීට විරුද්ධව ඔප්පු කරන්න පුළුවන් මහා පරිමාණයේ දුෂණ වංචා පැත්තක තිබෙද්දී ඔය කියන කටකතා වලට නඩු පවරන එක නම් මහා විහිළුවක්. මොන පැත්තේ වුනත් දේශපාලකයෝ එකම පැලැන්තියක්. හැමදාම කරන්නේ අපිව ගොනාට අන්දවන එක.