
(නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යවරයාව සිටි කාලයේදී ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු නමින් ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා නව් 08ක් ගෙන්වීම හා මෝදර ධීවර වරාය බදුදීම පිළිබදව වන පැමිණීල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (21) කරුණු ඉදිරිපත් කර ඇත.
හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න යන අය නමින් මෙම නැව් 08 චීන සමාගමක් සමඟ ගිවිසුමකින් මෙරටට ගෙන්වා ඇතැයි සදහන් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා විසිනි.
හිටපු පළාත් ධීවර අමාත්‍යවරයාව සිටි කාලයේදී තමාට ලිඛිතව ලද පැමිණීල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙසට බෞද්ධාලෝක මාවත, කොළඹ 07 පදිංචි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මෙම පැමිණීල්ල සිදුකර ඇතැයි සදහන් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට මෙම කරුණු ඉදිරිපත් කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණීලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජය තුසිත මහතා විසිනි.
ජාත්‍යන්තර මුහුදේ මත්ස්‍ය අස්වැන්න නෙලීම සදහා එක් රටක ලබාදී ඇති ධාරිතාවෙන් අප රට භාවිත කරන්නේ සියයට පනහක් පමණක් පමණ වන බවත්, ධීවරයන්ට ඇති අයිතිය උදුරාගනිමින් චින සමාගමට ඒ අයිතිය බදු දී ඉන් ලැබෙන කොමිස් මුදල ලබාගන්නා පරිදි මෙම ගිවිසුම අත්සන් කර ඇති බවත් පැමිණීල්ල සදහන් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟ ආණ්ඩුවක් එනකන් තමා ඕක ඊටපස්සේ සාක්ෂි නැති හින්දා නඩුව විසිවෙනවා.
ඇයි, ඡන්දයක් වත් ලගද
මේ සෑම සිදුවීමකින්ම තව තවත් පැහැදිලි වෙන්නේ අප රටේ තිබෙන සියලුම පක්ෂවල දේශපාලුවන් 99.9999% ම පට්ට හොරුන් බව නොවේද ? මේ රාජිත ත් නාලිකා ඉදිරියේ රගපාන්නේ හීනෙන්වත් හොරානොකන බව රාගමින් නොවේද ?මහජන දේපොළ හොරාකන ප්රසිධිදියේ දඬුවම් දිය යුතුමය... පක්ෂ බේදයෙන් තොරව එසේ කිරීමට හැකි නම් අප රට ගොඩ එනු නියතය...
වැරදි කොට ඇතිනම් උපරිම දඬුවම් දෙන්න. ආයේ ඒකේ කිසි විවාදයක් නැහැ. ඒත්, අර නාමල් කුමාර කියූ ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැනත් නීතිමය පියවර ගන්නකෝ. ඒ ගැන වගේ වගක් නැතිව ඉන්නේ ඇයි .. ?
මහබැංකු හොරකම් සීනි හොරකම් මේවට දාලා පරීක්ෂණ ඉවර ඇති නේද ජනතාව බඩගින්නේ තියන ගමන් ගොනාට අන්දන හදන නාටක තමා.
හොඳ ආරම්භයක් - ජනාධිපතිවරයාට, අගමැතිතුමාට සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව තවත් චෝදනා ආරම්භ කරන්න. පැනමා සහ පැන්ඩෝරා මගඩි සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයාගෙන් විමසීමට අමතක නොකරන්න.
ගංවතුරින් සැඩ පහරට හසුවී ගසාගෙන යන එකා පණ බේරා ගැනීමට ගං ඉවුරේ ඇති තණකොළ ගහෙත් එල්ලෙනවා කියනවා නේද .මේ කරන්නෙ ජනතාව නොමග යවල අපේම ආණ්ඩුව පණ බේරා ගැනීමට උත්සාහයක්. එහෙම නැත්නම් 2007 සිට ගත්ත ණය මුදල් වලින් කොරපු දේවල් සොයන්න එපායැ .ඒ ණය තමා මේ රට මෙතරම් අහේනියට පත්කලේ.
ඔය නැව්ටික රාජසන්තක කරන එකටනම් අපි හුඟක් ස්තුතිවන්ත වෙමු.
නිදොස් කොට නිදහස් කරන දිනය දැන්ම කියනවද පස්සේ කියනවද?
ඇයි ඔබට ඉරිසියයි ද ප්‍රමාද වෙලා "සියලු වැරදිවලින්" නිදොස්කොට නිදහස් කරන ලදී කියනවට.... බාගෙන කන වල ඉහගෙන කන සිරිතක් නැහැ. අපේ දේශපාලුවෝ ලග. හොද හැදිච්ච වල් බූරුවෝ ඒ නිසා හොදට සිරිත් විරිත් දන්නා වැදගත් හරකුන්.... ඉවසන්න ඉවසීමෙන් ඔබ බලාපොරොත්තු වන පිළිතුර ඔබට මෙන්ම සියලුම රටවැසියනට ලැබෙනු ඇත.
ගන්න තියෙන ඔක්කොම මේ අයගෙන් ගන්න ඕන.
මේවා බොරු සන්දර්ශන...