
(නිමන්ති රණසිංහ)
හිටපු ධීවර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා නෞකා 08ක් මෙරටට ගෙන්වීම සහ මෝදර ධීවර වරාය බදුදීම පිළිබඳව වන සිද්ධීයට අදාළව ධීවර අමාත්‍යාංශයෙන් ලබාදුන් ලියැකියැවිලි සියල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද (22) නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය හමුවේ අද (22) කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කර සිටියේ, මෙහි විමර්ශන සිදුකර කිරිම සදහා අවශ්‍ය ලේඛණ නොමැති වීම හේතුවෙන් මේ වන විට ගැටලුවක් මතුවී ඇති බවය.
ඒ අනුව, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වගන්තිය ප්‍රකාරව ධීවර අමාත්‍යාංශය මගින් අල්ලස් කොමිසමට ලබාදුන් අදාළ සියලු ලේඛණ වහාම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කළේය.
හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න යන අය නමින් මෙම නැව් 08 චීන සමාගමක් සමඟ ගිවිසුමකින් මෙරටට ගෙන්වා ඇතැයි සදහන් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ... එයත් චීනෙත් එක්ක ජයට ගනුදෙනු... අපි තමා මෝඩයෝ. එයාලා මයික් ටාසන්ලා. නැව් 8ක්. දුප්පත් අපි වෙනුවෙන් ගෙන්නපුවා...
මේ අයයි දැන් පාලකයොයි අතර වෙනසක් නෑ එකම කාසියෙ දෙපැත්ත.
අවුරුදු 5 බලයේ ඉඳලා රාජපක්ෂ ආණ්ඩුවේ හොරු අල්ලගන්න බැරි උනා. අපි ආවේ යහපාලක හොරු අල්ලන්න නොවෙයි නමුත් දැලට අහුවෙනවා.