(මනෝප්‍රිය ගුණසේකර)
මෝදර ධීවර වරාය අඩු මුදලකට පෞද්ගලික සමාගමකට බදු දීමෙන් රජයට පාඩු කළ බවට හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි අල්ලස් නඩුවේ චෝදනා සනාථ කිරීම සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට ලේඛනගත කර තිබූ ලේඛන අතුරින් එක් ලේඛනයක් අස්ථානගත වී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතාට දැනුම් දුන්නේය.
අල්ලස් කොමිසම හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව ඉදිරිපත් කළ සංශෝධිත අධිචෝදනා පත්‍රයට අදාළ නඩුව සම්බන්ධයෙන් “පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය” සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කි ලේඛනයක් වශයෙන් නම් කර තිබූ ධීවර වරාය නීතිගත සංස්ථාවේ 2014 සැප්තැම්බර් 11 වැනි දිනට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව මෙලෙස අස්ථානගත වී ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.
2014 වසරේ අගෝස්තු මස පළමුවැනිදාත් නොවැම්බර් මස පළමුවැනිදාත් අතර කාලයේ කොළඹදී මෝදර ධීවර වරාය ‘සී ගල්ෆ් යූ.කේ.’ සමාගමට අඩු මුදලකට බදු දීම සඳහා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය පෙළඹ වූ බවට ද ඒ අනුව මෝදර ධීවර වරාය එම සමාගමට අඩු මුදලකට බදු දීමෙන් රජයට පාඩු සිදුකළ බවට ද විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගා ඇත.
එමගින් විත්තිකරුවන් අල්ලස් පනතේ 70 වැනි වගන්තියේ දැක්වෙන දූෂණය නමැති වරද සිදුකළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අධිචෝදනා 05ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයන් 17 දෙනකු නම් කර ඇති විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 55ක් ඉදිරිපත් කරන බව අල්ලස් කොමිසම නඩු භාණ්ඩ ලේඛනයක් මගින් අධිකරණයට දැනුම් දී තිබේ.
හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු අධ්‍යක්‍ෂ උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්‍යක්‍ෂ නීල් රවින්ද්‍ර මුණසිංහ නමැත්තන්ය.
නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජිතගෙ දක්ෂතාව පෙන්වා තිබෙනවා .
අනේ ඉතිං අහිංසක මනුස්සයා.. පවු. නො ද කි ං. පණුවො ගහල මැරෙන්නෙ ඔන කාලකන්නි..
අනුන්ගේ ෆයිල් අතුරුදන් කරලා කාටවත් වැඩක් නැහැනේ
එහාට මෙහාට පේන පේන වාසියටයට කරන දේසපාලන නාඩගම් බලලම අප්‍රසන්නයි.
පට්ට හොරෙක් . මෙන්න හොරු
ඔය ලිපි ගොනුව නැතිවීමෙන් ප්‍රදානම ලෙස වාසි කාටද....එ කෙනා තමයි ලිපි ගොනුව අන්ත්‍රස්තාන වීමෙ ක්‍රියාවෙ මුලින්ම ඉන්නෙ. ඔව ඉතින් අපේ පොලිසියට හොයාගන්න පුලුවන් වෙයිද මද
මෙහෙව් රාජිතයා ස්ටේජ් එකේ තියාගෙන සජිත් කියනවා මම ආවොත් හොරු අල්ලනවා. රතු මල්ලිලා විස්වාස කරන්න එපා කියලා
සජිත් ජනාධිපති වෙලා ආපහු සෞඛ්‍ය ඇමතිකම දුන්නම ඔය නඩු වලට බය වෙන්න ඕන නෑ සර්
මේ රටතුළ වංචා හා දූෂණ වැලැක්වීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කර අවශ්‍ය නීති රීති බලවත් ලෙස ගෙන ආ යුතු අතර උපරිම මාද 06 ක් තුළ එකී නීතිවලින් චූදියන්ට දඩුවම් පැමිණවියහැකි ක්‍රමයක් ස්ථිපිථ කල යුතුවේ. එමෙන්ම සංවර්ධන ව්‍යාපෘති හඳුනා ගැනීම ප්‍රමුඛතා ගත කිරීම ,විකල්ප ව්‍යාපෘති හඳුනා ගැනීම,තේරීම, ඇස්තමේන්තු සැකසීම ප්‍රතිපාදන වෙන්කිරීම,මුල,මැද අග වශයෙන් ව්‍යාපෘති සුපරීක්ෂණය (ප්‍රතිලාභීන් ද දැනුවත් කර සුපරීක්ෂණය ) ශක්‍යතා අධ්‍යයනයන්, ඇගැයීම හා තක්සේරු කිරීම, ව්‍යාපෘති ප්‍රතිලාභ තක්සේරු කිරීම හා ඒවායේ බලපෑම ඇගැයීම වැනි සැලසුම් සම්බන්ධ කාර්යයන් විනිවිධ භාවයෙන් ඉටුකර හැකි රාජ්‍ය යන්ත්‍රණයක් නීතිගත කර අදාළ තනතුරුවෙත වගකීම පැවරෙන යාන්ත්‍රණයක් මේ රට තුළ ඇති කල යුතුයි ඒ තුළින් විදේශ සංචිත අවභාවිතා වීම වෙනුවට ඉතා අරපිරිමැස්මෙන් එකී සංචිත ආයෝජනයවන සංස්කෘතියක් රටතුළ බිහිවේ. එවිට කවර දූෂිතයෙකුට උවද දූෂණ හා වංචා කල නොහැකි, දූෂිතයන් අනාවරණය වන දූෂිතයන් පිළිකුල් කරන සංස්කෘතියක් රටතුළ බිහිවෙනු ඇත. එවිට අනාගත දරු දැරියන්ට රටක් හැදෙනු ඇත.මෙය කල හැකිවන්නේ රටට හිතැති දූෂණයට විරුද්ධ දේශපාලනයකට පමණි.
සමාජවාදය ගැන දේශනාකරකර මහජන මුදල් හොරා කාපු පල් හොරෙක්, මේකයි මේකාගේ පුතයි දෙන්නම දේශපාලනයෙන් අතුගාලා දාන්න ඕනා
නඩුව ඇහුවා නම් තමයි පුදුමේ.
අහන්න දෙයක් නැහැ. ෆයිල් ටික කිඹුලෙක් කන්න ඇති.
යකෝ ෆයිල් අතුරුදහන් වෙනවා .මේවගේ උන් අතුරුදහන් වෙන්න් නෑනේ
අපි හිතා ගෙන හිටියේ අලි බබා පවුලේ අය පමණක් කියලයි. දැන් අලි බබාලා පරම්පරා කිහිපයක් ඉන්න බව පේනවා. කාටකියන්නද?
අතුරුදන් සියලු ලියකිලිවිලි ශෂී අක්කලාගේ ගෙදර හංගලා තියනවලු .විමල් මිනී කන බල්ලෙක් වගේ දොර ළඟ ඉන්න නිසා කවුරුවත් එහෙ යන්නත් බයලු
2019 ජනපතිවරණයේ ගෝටාගේ කිඹුලෝ ඉන්න වැවක් ගැන කිවුවානේ .ඒකට වැටුනද දන්නේ නෑ ?යහපාලන කාලේ ලප කුමාරයා එක්ක අරලියගහ මන්දිරේ බුදියගත්ත හොරු අල්ලන්න .ලපයා අල්ලයි මුන්ගේ වලිගෙ .දන්නේ නැති මෝඩයෝ ඉන්නවා .මුන් ඔක්කොම ඩීල් කාරයෝ
උසාවි ලේඛනාගාරවල, ඉන් පිටත, අල්ලස් කොමිසමේ හැමතැනම CCTV දාන්න වෙලා තියෙන්නේ
ඔය පේනවනෙ, දීවර වරාය නඩුවක ෆයිල් ඔහොම නැති වෙනව නම්, මුන් කරන මිනී මරුම්, මහ පරිමාන දූශන, වංචා ගැන කවර කතාද?. ඉතින් තව මුන් දෙගොල්ලො බලෙට ගේන්න දඟලන මෝඩ හැත්තක් ඉන්නවා නේ
මහින්දයා ගේ දෑත් සක්තිමත් කරන්ඩ කියලා පැන්න ඒකා ගැන කවර කතාද ? තමුන්ගේ පැවැත්මට ,වාසි පැත්තට එහෙට මෙහෙට පැන පැන ඇමතිකම් ගත්තු දුශිත දේසපාලුවෙක් කියලා දන්නෝ දනිති .
AKD ගෙන් කොපි එකක් ගන්න පුළුවන්නේ... එයා දෙයි...!