IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


රංජිත් මද්දුම බණ්ඩාරගේ අභියාචනය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ  )

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක වීම වළාක්වලන වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුවට එරෙහිව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කර ඇති අභියාචන පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (21) තීන්දු කළේය.

 ඊට අමතරව නඩු ගාස්තු වශයෙන් රුපියල් 25,000ක මුදලක්ද ගෙවන ලෙසද බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය පෙත්සම්කාර රංජිත් මද්දුම බණ්ඩාර මහතාට නියෝගය කරන ලදී.
 
සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විභාගයට ගන්නවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරමින්  සිවිල් අභියාචන මහාධිකරණය මෙම නියෝග ලබා දෙන ලදී.

 ලෆාර් තාහීර් සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් යුතු සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම  කැඳවුණි.
 
 සමගි ජනබලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ මෙම අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එක්සජ් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ , එහි මහලේකම් අකිල විරාජ් කාරියවසම් , උපනායක රවී කරුණානායකයන මහත්වරුන් පිරිසක් නම් කරනු ලැබ සිටිති.
 
පැමිණිලිකාර සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඉක්‍රාම් මොහොමඞ් මහතා පෙනී සිටියේය.
 
එක්සත් ජාතික පක්ෂ මහලේකම් වෙනුවෙන් නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රෝලන්ඞ් පෙරේරා මහතා පෙනී සිටියේය.



අදහස් (8)

රංජිත් මද්දුම බණ්ඩාරගේ අභියාචනය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි

Akila Viraj Tuesday, 21 July 2020 07:48 AM

සමගි ජන බලවේගේ අයට දැන් හොඳටම අමාරු වෙලා වගේ... ඒ අය ඔක්කොම එළවන්න ඕනේ...

:       2165       3258

liyanage Wednesday, 22 July 2020 01:15 AM

සමගි ජනබලවේගයේ පිරිසට සිරිකොත මනදිරය අල්ලාගැනීමේ සිහිනය සහ අලියා සලකුණ ලබාගැනීමේ සිහිනය මේ වන විට නියත වශයෙන්ම බොදවී ඇති නිසා අඩුම ගානේ අලියා ගිනිපෙට්ටි වලින් කුඩාවට හෝ සිරිකොත මන්දිරයේ අනුරුවක් සාදා ගතහොත් තාවකාලික සැනසීමක් හෝ ලබන්නට හැකිවේවි.

:       0       1

Binkunndaa Tuesday, 21 July 2020 08:37 AM

බලුපැටව් වගේ නගුට වනන නඩුකාරයෝ ඉන්නකොට මේවා සුළු වැඩ..

:       2042       1810

RanilTuesday, 21 July 2020 09:24 AM

ඔයා කවුද? රටේ අධිකරණයට අපහාස කරන්න...

:       257       380

BamunuarachchiWednesday, 22 July 2020 12:15 PM

හික්මීයෝ දන්නවද අධිකාරය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා... මොවුන්ගේ හිතේ ඉස්කෝලේ ලොකු මහත්තයා ළමයින්ගේ නඩු අහනවා වගේ කියලා අධිකරණයේ නඩු අහන්නේ.. පෙන්නුවේ ගොබ්බකමනේ..

:       0       0

CiscoTuesday, 21 July 2020 09:39 AM

උගත් විනිසුරුතුමන්ලා තීරණය ගන්නේ කල්පනා කරලා හේතු සහිතවම... මෙය අධිකරණයට කළ අපහාසයක් නොවේද?

:       161       323

සනත් ඉතාලිය Tuesday, 21 July 2020 09:52 AM

යන්න යන්න හැමතනම එකම කොමන්ට් එක නොදා.. ඔයාගේ වැඩේ වලවල් හාරන එකනේ... ගිහින් පුරුදු විදියට වලක් හාරගෙන හිටු බිංකුණ්ඩෝ...

:       180       201

Binkunndaa Tuesday, 21 July 2020 03:57 PM

අනේ සනත්, මෙච්චර කල් ඇස්, කන් බීරිවෙලාද හිටියේ. ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ගිය අගවිනිසුරු බණ්ඩාරනායක මහත්මියට මොකද වුණේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 180 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 372 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 381 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site