
(සුජිත් හේවාජුලිගේ)
රාජගිරියේ අධික මාර්ග තදබදය හේතුවෙන් වසරකට රුපියල් කෝටි දහයක පමණ පාඩුවක් සිදුවන බව ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
කාර්යාල සේවක සේවිකාවන් දහස් සංඛ්‍යාත පිරිසකගේ වැඩ පැය අහිමිවීම සහ ඉන්ධන නාස්ති වීම යනාදී කරුණු හේතුවෙන් මෙම නාස්තිය සිදුවන බව ගණන් බලා ඇත.
රාජගිරියේ මාර්ග තදබදය උදය වරුවේ ඉතා දැඩි ලෙස පවතින අතර කාලයක් තිස්සේ පවතින මෙම තදබදයට විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත්ව ඇතැයි ජනතාව පෙන්වා දෙති.
නාවල ඇතුළු ප්‍රවේශ මාර්ගවලින් උදය වරුවේ රාජගිරියට ඇතුළුවීමට උත්සාහ දරන කාර්යාල සේවක සේවිකාවන් ඇතුළු දහස් ගණනකට මෙම තදබදය හේතුවෙන් පැය ගණන් රස්තියාදු වීමට සිදුව ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ගැටළුව සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා විශේෂ අවධානය යොමු කර කඩිනම් විසඳුමක් ලබා දෙනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනකට අහිමි වන ශ්‍රම පැය ගණන තක්සේරු කලොත් මුළු වාර්ෂික පාඩුව කෝටි 100ත් පනියි. මේකට විකල්පය තමයි හදන්න ගිය මොනෝ රේල් එක. මාටියා ගහන්න බැරි නිසා තමයි එක නොකළේ. අපි ඉතින් විඳවනවා..
එකම වැඩේ පොදු ප්‍රවාහනය දියුණු කිරීම. කාර් 50 ක යන අය එක බස් එකකට දාන්න පුලුවන්. බස්වලට වෙනම මංතීරුවක් දාලා අධීක්ෂණයට පොලිසිය හමුදාව දාන්න ඕනෑ. බස් කොට කොට යන එක නවත්තන්න ඕනෑ. වෙන කිසිම ක්‍රමයක් නෑ...
ඇයි පාලමක් හදලා තියෙන්නේ ඕකට තමයි.
පහුගිය කාලේ ජපන් JAICA ආයතනයෙන් මෙට්‍රො රේල් වේ ට්‍රැක් දැන ගියා.. එවකට හිටපු ආණ්ඩු වල හිටපු අයගේ නොසැලකිල්ල, අක්‍රමිකතා හේතුවෙන්... ඔය ව්‍යාපෘතිය බංග්ලාදේශයට දුන්නා...