
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)
රාජගිරියේ නිවසක තනිව ජීවත්වූ වයෝවෘද්ධ කාන්තාවකගේ ගෙල සිරකොට ඝාතනය කර නිවසේ තිබූ මුදල් පැහැරගෙන ගිය බව කියන සැකකරුවකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් බව එම ඒකකය පැවසීය.
මෙම අපරාධය වූ නිවස ආසන්නයේ වෙනත් නිවසක තිබූ ආරක්ෂක කැමරා දත්ත ඔස්සේ සිදු කළ පරීක්ෂණයකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 70 වියැති සිරිමා ගොපල්ලව නැමැති අවිවාහක වයෝවෘද්ධ කාන්තාවකි ඇගේ සහෝදර සහෝදරියන් විදේශගතව සිටින බව පොලිසිය පවසයි.
සැකකරු මීට පෙරද මෙවැනිම ආකාරයෙන් අතුරුගිරිය පොලිස් වසමේ අයි. ජෝතිපාල මාවත, අතුරුගිරිය වයස අවුරුදු පනස් එකක් වූ කාන්තාවක් ඝාතනය කර ගෙල බැඳි රන් මාලය කොල්ල කා පලාගිය පුද්ගලයකු බවට අනාවරණය වීමෙන් පසු අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වසර හතරකට වැඩි කාලයක් බන්ධනාගාර ගතව සිට මීට මාස දෙකකට පමණ ඉහතදී ඇප මත නිදහස්ව පැමිණ සිටි පුද්ගලයකු බවත් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව ද නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පැවසීය.
සැකකරු 53 වැනි වියේ පසුවන කොරතොට, කඩුවෙල පදිංචිව පුද්ගලයකු බව ද පොලිසිය කියයි.
(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු වෙළදාමේ යෙදෙන සියලුම සුපින්වත් වෙළදුන්ට මෙන්ම ආනයනය කරන දේශපාලුවන්, මෙන්ම ආනයනකරුවන්ගේ පින්වත් සංගමයට මේ සියලු පිං අනුමෝදම් වෙත්වා....
මීට කලිනුත් කාන්තාවක් මරලා අවුරුදු 4 යි හිරේ ගිහින් තියෙන්නේ.මිනිහා අවුරුදු 4 ඩිග්රි එකකුත් කරලා එන්න ඇති හිරේ ඉද්දි .හරි මාන්දමිකයි
මේකයි ලංකාවේ තත්වේ... එදාම එල්ලුම් ගහට එවලා තිබ්බා නම් මේ අපරාදය වෙන්නේ නැහැ අද...