(දයාරත්න ඇඹෝගම)

අධික වැස්ස හේතුවෙන් රාජංගණය ජලාශයේ දොරටු අටක්ද,අංගමුව ජලාශයේ දොරටු දෙකක්ද අද (08)දින පෙරවරුවේ සිට විවෘත කළ බව වාරිමාර්ග ඉංජිනේරු  ලක්ෂිත රසික හේමාල් මහතා පැවසිය.

රාජාංගණය ජලාශයේ දොරටු දෙකක් අඩි හය බැගින්ද,දොරටු දෙකක්අඩි හතර බැගින්ද,දොරටු හතරක් අඩි දෙක බැගින්ද විවෘත කොට තිබේ.මින් ජලය තත්පරයට ඝණ අඩි 5800 ක් පිටවේ.

අංගමුව ජලාශයේ දොරටු දෙකක් අඩි පහ බැගින් විවෘත කොට ඇති අතර ඉන් පිටවන ජල ධාරිතාවය තත්පරයට ඝණ අඩි 3100 ක් පමණ වන බව වාරිමාර්ග ඉංජිනේරැ ලක්ෂිත රසික හේමාල් මහතා මෙහිදි පැවසිය.