
(ගයාන් සූරිය ආරච්චි)
අනුරාධපුර පොසොන් උත්සව රාජකාරිය සඳහා යොදා සිටියදීී රාජකාරියට වාර්තා නොකර මත්පැන් පානය කර ගල්ගමුව ප්‍රදේශයේ සිටියදී අත්අඩංගුවට ගත් කොට වෙහෙර පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කළ බව නිකනිකවැරටිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ කොටවෙහෙර පොලිසියට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකි.
මෙම සැරයන්වරයකු අධික ලෙස මත්පැන් පානය කර ගල්ගමුව ෆවුසි මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සැක කටයුතු ලෙස හැසිරෙමින් සිටියදී ප්‍රදේශවාසීන් මොහු අල්ලා ගල්ගමුව පොලිසියේ රාත්‍රී රථ වාහන සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට භාරදී තිබුණි.
ඔහු සම්බන්ධයෙන් කළ විමර්ශන වලදී එම පොලිස් සැරයන්වරයා අනුරාධපුර වයි හන්දිය ප්‍රදේශයේ රථ වාහන රාජකාරිය සඳහා යොදවා තිබූ අතර ඔහු රාජකාරිය පැහැර හැර මත්පැන් පානය කර ගල්ගමුව ප්‍රදේශයට ගොස් තිබු බව පොලිසිය පවසයි.
ඒ අනුව අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා ගල්ගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නිලධාරියා බීමතින් සිට ඇති බවට වෛද්‍ය වාර්තාවේ සඳහන් වී තිබුණි.
එම විසමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් එම පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට කටයුතු කළ බව නිකවැරැටිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd