(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රේගුවේ දිගු කළත් ගබඩා කර තිබෙන භාණ්ඩ පිළිබඳව පවත්වන විමර්ශන කඩිනම් කිරීම සඳහා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය කමිටුවක් පත් කර තිබේ.
එම භාණ්ඩ ප්‍රයෝජනයට ගතහැකි අවස්ථාවේදී නිදහස් කරගැනීම ප්‍රධාන අරමුණ මූලික කරගෙන ඊට අදාළව රේගු ආඥාපනතේ කළ යුතු සංශෝධන අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුව පත්කර තිබේ.
එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ යන මහත්වරු කටයුතු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන සගයින්ගේ බඩු කොතරම් තියෙනවද දන්නේ නැහැ. මතකයිනේ කෑලි කපපු වාහන ගණනාවක් හිටපු ඇමති කෙනෙක් ගෙන්නලා ඒවා නිදහස් කර ගැනීමට තැත්කළා..