IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රේගුව සල්ලි සොයා කප් ගසයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා රේගුව මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු 6 වැනිදා දක්වා  රුපියල් බිලියන 1271 ක ආදායමක් රැස් කර ගෙන ඇතැයි රජය පවසයි.

වසරේ මෙතෙක් වැඩිම රේගු ආදායම ලෙස පසුගිය ජුලි මාසයේදී රැස් කර ගත් රුපියල් බිලියන 231 ත් සමඟින් මෙම ආදායම තවත් ඉහළ ගොස් ඇත.

මෙම වසරේ ගත වූ මාස 6 තුළදී වරාය මෙහෙයුම් වලින් ඉපැයූ ලාභය රුපියල් මිලියන 24,418 ක් වේ. ඉකුත් 2024 වසර පුරා වරාය මෙහෙයුම් වලින් ඉපැයූ ලාභය රුපියල් මිලියන 14,691 ක් බවත් ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව 66%ක වර්ධනයක් මේ වන විට ලබා ඇත.

මේ වසරේ ගත වූ මාස 6 තුළදී ටෙලිකොම්  ආයතනය රුපියල් මිලියන 3670ක ලාභයක් වාර්තා කර ඇති අතර එය පසුගිය වර්ෂයේ වාර්තා වී තිබුනේ රුපියල් මිලියන් 3020 ක් ලෙසය.

ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් කෝපරේෂන් හි 2025 පළමු කාර්තුවේ ලාභය රුපියල් බිලියන 18 කි.



අදහස් (7)

රේගුව සල්ලි සොයා කප් ගසයි

කෞෂි Monday, 22 September 2025 12:54 PM

මීට කලිනුත් ඔය ආදායම තිබුණා. හැබැයි ඒ අයයි, දේශපාලකයෝයි ඒක බෙදාගත්තා.

:       8       41

ගුණරත්නMonday, 22 September 2025 02:08 PM

එහෙම නම් කෞශි නෝනාට පුළුවන් පැමිණිල්ලක් දාලා ඒ ගැන පරීක්ෂණයක් කරන්න කියල ඉල්ලා සිටින්න. රේගු ආදායම වැඩි කියන්නේ සතුටු වෙන්න දෙයක් නොවෙයි. ලීසිං මාෆියාවෙත් වාහන සේල් මාෆියාවෙත් උවමනාකමට වාහන මිල ඉහල දමලා ඒ මිල මත ටැක්ස් ගහලා වාහන මිල හතර ගුණයකින් මිල වැඩි වුණාම ඒ කොටස ආණ්ඩුව අරගෙන හුරේ අපේ ආදායම වැඩි කියනවා. මේවා ගොන් ජෝක්ස්. මේ ලඟකදී රජයේ ඇමැති කෙනෙක්ගේ වත්කම් ප්‍රකාශයේ තිබුණා ලංකාවේ ප්‍රසිද්ධ ලීසිං සමාගමක කොටස් හිමිකරුවෙක් කියලා, ඒ සමාගමේ ලොකුම කොටස් හිමිකරු මේ ලඟකදී ලොකු ආන්දෝලනයකට ලක්වුණු ගනුදෙනුවකට සම්බන්ධ වෙලාත් හිටියා, මිනිස්සු ඒ ගැන ප්‍රශ්න කරන්න ගත්තාම ආණ්ඩුව අකුලා ගත්තා. ඔන්න හපන්කම්...

:       15       14

අරවින්ද මොණරවිල Monday, 22 September 2025 01:30 PM

ඉහළ සිට පහළට වංචාව හොරකම හා නාස්තිය නැති කිරීමේ වැඩ පිළිවෙල ඇති සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. දුන්න ඡන්දය ගැන පුරවැසියෙක් හැටියට ආඩම්බර වෙන්න පුළුවන්...!

:       7       33

himal Monday, 22 September 2025 02:10 PM

රටට වාහන ආනයනය කරන විට ඒ බදු ආදායම ඉහළ යන නිසා රේගුවේ ආදායම් ඉහළ යනවා. දැන් තෙල් මිල තීරණය කරන්නේ මිල සූත්‍රයට අනුව නිසා පෙට්‍රෝලියම් එකට වාසියක් එනවා. මිනිස්සුන්ගේ දුරකථන හා අන්තර්ජාල සේවා භාවිතය වැඩි නිසා එතැනත් වාසියක් එනවා.

:       2       15

රනේ Monday, 22 September 2025 02:38 PM

හොරකම, දූෂණය අඩු වුනාම තත්වය මේ. හරි හරියට වැඩ කෙරෙනකොට ලංකාව පොහොසත් රටක්.. අපිට ඡන්දයක් දීලා සතුටක් ලැබෙන පළමු අවස්ථාව තමයි මේ. ජයවේවා...!

:       4       18

Lal Silva Monday, 22 September 2025 02:47 PM

රේගු ආදායම් වැඩි වන විට, ආනයනය ඉහවහා වැඩි වෙනවා! ඒත් ඒකට ගැලපෙන අපනයන ආදායම් වැඩි වෙනවාට වඩා අඩු වෙනවා! එතකොට විදේශ ණය වැඩිවීමෙන් තමයි රේගු ආදායම් වැඩි වෙන්නේ. ඒ කියන්නේ ආයේම රට බංකොලොත් වීම...!!!

:       10       6

Asela Monday, 22 September 2025 02:50 PM

මේ රටේ දුප්පත් ජනතාවට ආර්ථික දුෂ්කරතා මත ඉතිරි කළ මේ මහා පරිමාණයෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවාද? අවම වශයෙන් එක් දෙයක් නම් කරන්න.

:       7       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site