( රංජන් කස්තුරි )
පිළිකා රෝහලේ යන්ත්‍රයක් අලුත්වැඩියා කිරීම සදහා ආනයනය කර තිබියදී රේගුව මගින් රඳවාගෙන තිබූ උපකරණ තොගය වහාම නිදහස් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
එම උපකරණ තොගය රේගුව බාරයේ රඳවාගෙන ඇත්තේ ඒවා ආනයනය කළ පෞද්ගලික ආයතනයේ ප්‍රමාද දෝෂයක් නිසා බවද අමාත්‍යවරයා කීය.
උපකරණ පිළිකා රෝහලට අවශ්‍ය ඒවා බවට එම රෝහලේ අධ්‍යක්ෂකවරයා විසින් ලිඛිතව තහවුරු කළ බවද ඉන් පසුව ඒවා මුදාහැරි බවද රංජිත් සියඹලාපිටිය මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම සියඹලා උන්නැහේ... ඔහේගේ රේගුවේ ඉන්නේ මිනිස්සුද කියලා සැකයක් ඇතිවුණා... මොකද මිනිස්සු නම් ලොව දරුණුම රෝගයෙන් දැඩිසේ පීඩාවට පත් රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර මේ නිසා පමාවෙනවා කියලා උන්දැලා නොදන්නා නිසා. රේගුවේ ඉන්න අයට හැම එකම ඇමැතිවරයා නැත්නම් කරන්න බැහැ අනේ... ඇමැති උන්නැහේ පසුගිය කාලයේ ඔහේලා පත්කළ මිනිස්සු (මැතිවරණ සපෝටර්ලා) තමයි ඔහොම වැඩ කරන්නේ... එනිසා මින් ඉදිරියේවත් සුදුසුකම් ඇති මනා කල්පනා ශක්තියක් තියෙන අයට පමණක් පත්වීම් දෙන්න බලන්න...
හොර බඩු නම් පටස් ගාලා නිදහස්. නමුත් අත්‍යාවශ්‍ය උපකරණයක් නම් තෝමබුව බලලා බැරිම තැන නිදහස්. අපි නොදන්න රේගුව…