
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසරේදී එකතු කරන ලද බදු ආදායම රුපියල් ට්‍රිලියන 2 කඩයිම ඊයේ (30) ඉක්මවූ බවත් මෙම වසර සඳහා ලබාදී ඇති රුපියල් ට්‍රිලියන 2.115 ඉලක්කය සාර්ථකව පසුකරමින් මෙම වසර අවසාන වනවිට තවත් රුපියල් බිලියන 300 ක පමණ ආදායමක් රජයට එකතු කරදීමට රේගුවට හැකි වෙතැයි අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කළේය.
ඉතිහාසයේ රජයේ බදු ආදායම් එකතු කරන දෙපාර්තමේන්තුවක් විසින් වසරකදී එකතු කරන ලද වැඩිම ආදායම රේගුව මෙලෙස මෙම වසරේ පළමු මාස 10 තුළ එකතු කර ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසුවේය.
රේගුවේ මෙම ආදායමට වාහන ආනයනයෙන් ඉපැයූ රුපියල් බිලියන 630 ක බදු ආදායමද ඇතුළත් වන බව අරුක්ගොඩ මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව ශ්‍රී ලංකා රේගුවට මෙම වසරේ ලබාදී ඇති රුපියල් ට්‍රිලියන 2.115 ක ඉලක්කය මෙම වසරේදී සාර්ථකව පසු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි පොදු විපක්‍ෂයට විදවන්න බැරි හේතුව... රට සංවර්ධනය වන එක වළක්වන්න එකතුවන්න, කියලා අඩන්නේ...
ආදායම් ලැබෙන ආයතන හැම එකකම අමාත්‍යාංශ බාරව තිබුනේ දුෂිත පව්ල් පාලනේ අයට .. ඔවුන් කරපු හරිය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ... හොරාකාපු එක....
සමහරක් මෝඩයන් ඉන්නවා මේ ආණ්ඩුවේ දක්ෂකම අදූෂිතකම නිසා මේ තරම් බදු ආදායමක් ලැබුනේ කියලා හිතන, ඔවුන් කොයිතරම් මෝඩද කිව්වොත් පසුගිය ආණ්ඩු ඒ බදු මුදල් පිල්ලි ගැහුවා කියලත් හිතන්න තරම් මෝඩයි. මොවුන්ට ඡන්ද බලය දුන්නේ කවුද?