IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රාගම රෝහලේ වැඩ පැය 4ක් නවතී

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉල්ලීම් 9 ක් මුල් කරගනිමින් උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වෘත්තීය සමිති 13 ක් අද( 23) පෙරවරු 8 සිට පස්වරු 12 දක්වා පැය හතරක කාලයක් සේවයෙන් ඉවත් වූ බව සෞඛ්‍ය සේවා සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක අරවින්ද ගමගේ මහතා ප්‍රකාශ කළේය.

ඖෂධ හිඟය,උපකරණ හිඟය, උද්ධමනයට දීමනාවක්, ප්‍රවාහනයට දීමනාවක්, සේවක හිඟය, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන තනතුරින් ඉවත් කිරීම, දින 5 ක වැඩ සතිය,බැංකු පොලී අනුපාතයට එරෙහිව සහ අතිකාල සීමා කිරීමේ චක්‍ර ලේඛයට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ගත් බව අරවින්ද ගමගේ මහතා පැවසුවේය.

මෙම ඉල්ලීම් 9 ට බලධාරීන් නිසි පිළිතුරක් ලබා නොදුනහොත් ඉදිරියේදී සියලු රෝහල් වල අඛණ්ඩ වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වන බව අරවින්ද ගමගේ මහතා පෙන්වා දුන්නේය.

 

 

 



අදහස් (3)

රාගම රෝහලේ වැඩ පැය 4ක් නවතී

මහේෂ් පෙරේරා Thursday, 23 February 2023 12:09 PM

මේ රටේ දේශපාලකයන් විතරක් නෙමේ මුළු මහත් සමාජයම හොරු .ඒ වගේ රටක හොරුන්ගේ පැවැත්ම දිගුකාලීනයි .හොරුන් නොවන පුද්ගලයන්ගේ පැවැත්ම තාවකාලිකයි .සමාජයම හොරකමෙන් දුෂණයෙන් වංචාවෙන් මිදුනොත් රට ගොඩ යාවි .එහෙම වෙන පාටක් නම් ළඟ පාත්වත් නෑ

:       1       2

Jcn Thursday, 23 February 2023 12:44 PM

රෝහල්වල වැඩ නොකරනම සෙට් එක පාරට බැහැලා...

:       0       0

Aravinda Monarawila Thursday, 23 February 2023 01:36 PM

ජීවත් වෙන්න සුදුසු ආදායම් මාර්ගයක් සහ හොඳ ජීවන තත්වයක් ලබාගැනීමට සෑම පුරවැසියෙක්ටම අයිතියක් තියෙනවා. ඒ අයිතියට ගරු නොකරන හොරුන් අපරාධකරු රජවුණාම රටේ මෙහෙම දේවල් වෙනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site