IMG-LOGO

රූගත කරද්දී බච්චන් ඇඳ වැටේ

(විමුක්ති එස් රුද්‍රිගු)

සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් චිත්‍රපටයක රූගත කිරීමක් අතරතුර තුවාල ලබා ඇතැයි  ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහුගේ මීළඟ චිත්‍රපටය වන "ප්‍රොජෙක්ට් කේ" ච්ත්‍රපටයේ ක්‍රියාදාම දර්ශනයක් රුගත කරන අවස්ථාවේ අමිතාබ් බච්චන් මහතා මෙසේ තුවාල ලබා තිබේ.

රූගත කිරීම අතරතුර තමාගේ ඉළ ඇටවලට හානි වූ බවත් ඒ හේතුවෙන් හුස්ම ගැනීමට සහ සෙලවීම වේදනාකාරී වූ බවත් අමිතාබ් බච්චන් මහතා සිය බ්ලොග් අඩවියේ සටහනක් තබමින් පවසා තිබේ. 80 වැනි වියේ පසුවන අමිතාබ් බච්චන් මහතා හයිද්‍රාබාද් නගරයේදී රූගත කිරීම් සඳහ සහභාගී වී තිබේ.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව තම නිවසේ විවේක ගනිමින් සිටින බවත් සම්පූර්ණ සුවය ලැබීමට සති කිහිපයක් ගතවනු ඇති බවත් අමිතාබ් බච්චන් මහතා පවසා ඇත.ඉළ ඇට වලට හානි වීම හේතුවෙන් ඉක්මන් සුවය ප්‍රර්ථනා කිරීමට නිවස අසලට පැමිණෙන්නන් මුණගැසීමට අපහසු බවද බච්චන් මහතා ප්‍රකාශ කර තිබේ.
 
ඒ හේතුවෙන් තමාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කිරීමට නොපැමිණෙන ලෙසත් එසේ පැමිණීමට බලාපොරොත්තු වන්නන් සිටීනම් තම පණිවිඩය හැකිතාක් ලබා දෙන ලෙසත් බච්චන් මහතා ඉල්ලීමක් කර ඇත.



අදහස් (2)

රූගත කරද්දී බච්චන් ඇඳ වැටේ

sබව්ජි බව්රා Monday, 06 March 2023 07:09 PM

හැට පැනලා හොට බිම ඇනෙන කාලෙ මොන ක්‍රියාදාමද? ගෙදරට වෙලා ඉන්නෙ නැතිව තවත් සල්ලි හොයන්න යනවා - හරියට අපේ දේශපාලුවො වගේ

:       0       0

මැක්ස් Tuesday, 07 March 2023 10:43 AM

බච්චන්ගෙ "ඇඳ" ද වැටිලා තියෙන්නෙ? පුවතේ මැය අනුව නම් එහෙමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site