(සුජිත් හේවාජුලිගේ)
රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය.
මේ නිසා රටපුරා පී සී.ආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අහඹු ලෙස සිදුකිරීම වැඩිකර කොරෝනා සැබෑ තත්වය විශ්ලේෂණය කර ගැනීම වැදගත් බවද හෙතෙම සඳහන් කළේය.
ජනතාව සෞඛ්‍ය හා සංචරණ නීතිවලට අනුගතව කටයුතු නොකිරීම නිසා මෙම තත්වය උදා වන්නට ඇතැයි සැක කළ හැකි බව පැවසූ රෝහණ මහතා සෞඛ්‍ය නීතිවලට අනුගතව දිගටම කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බවද කීවේය.
රෝග ලක්ෂණ නැති රෝගීන් වැඩිවී ඇත්තේ එන්නත්කරණ වැඩපිළිවෙළ නිසා විය හැකි බවද ඔහු පැවසුවේය .
රටේ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන ආකාරයද සතුටුදායක නැතැයි උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ඒකම කතා කළා ඇති. අපේ රටේ තමයි මේ තරම් දඟලන්නේ... අනිත් රටවල් සාමාන්‍යකරණය යටතේ විවෘතයි. එන්නත්කරණය කරන්න ඕනෑ. සෞඛ්‍ය නීති හරියට රැකෙන්න ඕනෑ. නැත්නම් කොරෝනා ඔලුවේ තියාගෙන වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ.
කොරෝනා ඔළුවෙන් අයින් කරල වෙනත් වැඩ කරන්න ගිහින් ගමයි ගිය පාර වැඩ වරද්දා ගත්තෙ...