
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රේගුවේ බහාලුම් 323 ක් පිට කිරීමේ චෝදනාව පරීක්ෂා කරන්නට ජනාධිපති පත් කළ කමිටුවේ වාර්තාව ආණ්ඩුවෙන් ප්‍රසිද්ධ නොකරන නිසා තමා එය සභාගත කරන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
"අප රටේ රාජ්‍ය ආදායම ඉහල දමන එක ආයතනයක් ලෙස රේගුව හඳුන්වා දිය හැකියි. රේගුව ගැන පසුගිය කාලයේ ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් වාර්තා වුණා. ජනවාරියේදී රේගුවේ බහාලූම් තදබදයක් ඇතිවී ආන්දෝලනයක් වුණා. රේගුවේ බහාලුම් 323 ක් පිට කිරීමේ චෝදනාව පරීක්ෂා කරන්න ජනාධිපති යම් කමිටුවක් පත් කළා. ඒ කමිටු වාර්තාව ජනපතිට බාර දී සති දෙකකට ආසන්න කාලයක් ගතවෙනවා.තාමත් ඒක පාර්ලිමේන්තුවේ සභාගත කළේ නෑ. ආණ්ඩුව ඒක සභාගත නොකරන නිසා මම අද එය සභාගත කරනවා. මොකද ඔබලා මේ වාර්තා පෙට්ටි වල දාගෙන ඉන්නවා. රතු ලේබල් බහාලුම් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම වැරදි බව අදාළ කමිටුව දක්වා තිබෙනවා. බහාලුම් තදබදය වලක්වා ගැනීම සඳහා මෙය කළත් එමගින් අපගමනයක් සිදුව ඇතැයි අදාල කමිටුව කියනවා. ඒ අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා බලය අවභාවිත කර තිබෙනවා. රේගුවේ කන්ටේනර් නිදහස් කිරීමෙන් විශාල දූෂණයක් සිදුවී තිබෙනවා. මේක වහන්න හැදුවේ ඇයි? ආණ්ඩුවට ඡන්දෙදි උදව් කරපු ව්‍යාපාරිකයන්ගේ බහාලුම් මෙලෙස නිදහස් කළාදැයි අපට සැකයක් තිබෙනවා. මහ බැංකුවේ සිද්ධියේදී රනිල්ට චෝදනාවක් එල්ල වුණා. එලෙස චෝදනා එල්ල වුනේ අදාල කාලයේ දී මහා බැංකුව තිබුනේ රනිල්ගේ යටතේ නිසයි. හොඳට මතක තියාගන්න, අද රේගුව තියෙන්නේ අනුර දිසානායක යටතේ. ඒක නිසා අනුරට මේකේ වගකීමෙන් ගැලවෙන්න බෑ යනුවෙන්ද මුජිබුර් රහුමාන් මහතා කීය.
2025 නොවැම්බර් මස 04
505
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1679
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රේගු බහාලුම් ගැන කමිටු වාර්තාව මුජිබුර් සභාගත කරයි
අරවින්ද මොණරවිල Monday, 30 June 2025 03:49 PM
කට වාචාලකමට කියවනවා ඇරෙන්න වෙන ගත යුත්තක් නැහැ. උන්ගේ ඔලුවේ හැදෙන මනෝවිකාර කියවමින් පාර්ලිමේන්තුවේ කාලය කා දමනවා.