(යොහාන් භාසුර)
රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව සටන් කරන සමස්ත වෘත්තිය සමිති ව්‍යාපාරය සමඟ එකතුව විරෝධය පළකරන බවත් වෘත්තිකයන් සහ රාජ්‍ය සේවකයන් කබලෙන් ලිපට ඇද දමන බදු සංශෝධනය වහා හකුලා ගන්නා ලෙස රජයට බල කරන බවත් රේගු නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රාජ්‍ය ආදායම සුරක්‍ෂිත කිරීම සඳහා සාධාරණ ප්‍රතිපත්තියක් යටතේ බදු ගෙවීමට එම වෘත්තිය සමිතිය එකඟ නමුත් රජය හඳුන්වාදී ඇති නව බදු ප්‍රතිපත්තිය කිසිඳු සාධාරණ පදනමකින් බැහැරව හුදු අත්තනෝමතික භාවයෙන් යුක්ත වෘත්තිකයන්ට බලෙන් පැටවූ බදු ක්‍රමයක් බව කියන රේගු නිලධාරීන්ගේ සංගමය රජය පීඩාකාරී බදු ප්‍රතිපත්තිය හදුන්වාදීමට හේතුව ගජ මිතුරු ව්‍යාපාරික කල්ලවලට සහ බදු පැහැර හැර ඇති අයට සහන සැළසීම සඳහා බව ද සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වැටිල තිබෙන ආර්තික අගාදයට රෙගු සහ අාදායම් බදු නිලදාරින් යන දෙපාර්ශවයම සෘජුවම වග කියන්න ඔනෙ , ඔවුන් අල්ලස් නොගෙන නිසි පරිදි බඩු අයකරගත්ත නම් අද මෙ රට මැලෙසියවට ඉහල තැනක තිබෙනව. ඔය දෙපාර්තමෙන්තු දෙකේම ඉන්න නිලදාරින්ගෙන් 95% පගාව ගහන දූශිත නිලදාරින්
මෙයාලට නම් කමක් නැ, අහිංසක මිනිස්සු පිටරට වල අවුරුද්දක් දෙකක් දුක් විඳල එනකොට පොඩි දරුවට ගේන ඇපල් ගෙඩියට, දොඩම් ගෙඩියට කෙලවන කට්ටිය මේ