(යොහාන් භාසුර)
රාජ්‍ය සේවයෙන් 2016 වසරට පෙර විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයන්ට අග්‍රහාර රක්‍ෂණ ආවරණය ලබාදීම සඳහා විශ්‍රාම වැටුපෙන් මාසික කපාහැරීමක් සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
එම චක්‍රලේඛයට අනුව 2016 වසරේ ජනවාරි මස 1 වැනි දිනට පෙර විශ්‍රාම ලැබූ වයස අවුරුදු 70 ට අඩු විශ්‍රාමිකයකුගෙන් රුපියල් 400 ක මාසික වාරික මුදලක් ද, වයස අවුරුදු 70 ට වැඩි විශ්‍රාමිකයකුගෙන් රුපියල් 600 ක මාසික වාරිකයන් ද, අයකරගැනීමට නියමිතය.
මෙම අයගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන් වේ.
විශ්‍රාම වැටුපෙන් එම මුදල් අයකිරීමට කිසියම් විශ්‍රාමිකයෙක් විරුද්ධ නම් මේ මස 12 වැනිදාට පෙර විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ලිඛිතව දැනුම්දිය යුතු බවත් එම දිනයෙන් පසුව මනාපය වෙනස්කිරීමට නොහැකි බවත් එම චක්‍රලේඛයේ සඳහන් වේ.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ www.pensions.gov.lk වෙබ් අඩවියට පිවිස Public Service වෙත පිවිස ඒ හරහා ජංගම දුරකථනයට ලැබෙන කෙටි පණ්වුඩ ඔස්සේ කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශ කළ හැකිය.
නව වාරිකය අය කරන විශ්‍රාමිකයන්ට පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ නම් උපරිම දින 10 ක් සඳහා වසරකට රුපියල් 120,000 ක ආවරණයක් ද, රජයේ රෝහලක ප්‍රතිකාර ලබන්නේ නම් වරකට උපරිම දින 10 ක් දක්වා දිනකට රුපියල් 500 බැගින් උපරිම දින 20 කට රුපියල් 10,000 ක ආවරණයක් ද, වසරකට ගෙවීමට නියමිතය.
රජයේ රෝහලක ප්‍රතිකාර ලබන පුද්ගලයකුට වසරකට ඖෂධ වියදම් සඳහා රුපියල් 50,000 ක් සහ වෛද්‍ය පරීක්‍ෂණ සඳහා රුපියල් 20,000 ක් හිමිවන බව ද එම චක්‍රලේඛයේ සඳහන් වේ,2016 වසරේ ජනවාරි මස 1 වැනි දිනට පසු විශ්‍රාම ලැබූවන් මේ වන විටත් අග්‍රහාර රක්‍ෂණ ආවරණය ලබන බවත් ඔවුන්ගෙන් රුපියල් 200 ක මාසික වාරිකයක් පමණක් කපා හරින බවත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
කෙසේ වෙතත් මෙම මුදල් කපා හැරීමට විශ්‍රාමිකයන්ගේ බහුතරයක් විරෝධය දක්වන බවත් පසුගිය දින කීපයේදී විශ්‍රාමිකයන් රැසක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පිහිටි විශ්‍රාම වැටුප් අංශ වෙත පැමිණ විරෝධය පළකර ඇති බවත් වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තමයි අප්පච්චිගේ උප්පරවැට්ටි, මැදපෙරදිග රැකියාවලට යන අයටත් මේ වගේ බලෙන්ම රක්ෂණයක් දීලා සල්ලි කපා ගන්නවා. එ්ක නැතිව රටෙන් පිට යන්න දෙන්නේ නැහැ...
රුපියල් 400 කපන්නේ රක්ෂණයට කැමති අයගෙන් පමණයි. වයසට ගියාම ලෙඩරෝග ඇතිවෙනවා. ඒ ලෙඩරෝග වලට රුපියල් 400න් බෙහෙත්කර බේරෙන්න බැහැ. රක්ෂණයේ ප්‍රතිලාබ දැක්කා. එ් නිසා රක්ෂණය වෙන එක හොඳයි.
ආණ්ඩුව කොහෙන් කොහෙන් හරි අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි කපාගන්න ක්‍රම සහ විධි හොයන්නේ... නැතුව විශ්‍රාමිකයන්ට ආදරේට නෙවෙයි. ලඟදීම හිඟන්නන්ගෙනුත් මාසික බද්දක් අය කරයි. කරුණාකරලා විශ්‍රාමිකයින්ට පාඩුවේ ඉන්න දෙන්න...
අපිට හම්බවෙන සොච්චම් විශ්‍රාම වැටුප මදිවෙලා ඉන්න වෙලාවේ මේ බොරු රක්ෂණවලට මුදල් කැපෙනවට මම නම් විරුද්ධයි. රුපියල් 20300න් 400ක් කපාගන්නවා කියන්නේ අපිට ලොකු පාඩුවක්... අනික අපි මැරුණාම සතයක්වත් ලැබෙන්නේ නැහැ. කැපිච්ච මුදලවත් ලැබෙන්නේ නැහැ...
අග්‍රහාර රක්ෂණය විශ්‍රාමිකයින්ගේ කැමැත්ත අනුව බදවා ගැනේ. අකමැති නම් නොවැම්බර් 12ට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් අකමැත්ත ලිඛිතව ප්‍රකාශ කරන්න.
මුලුමහත් ජනතාවම ගසාකාපු දුශිත දේසපාලුවෝ අවුරුදු සීයක් දෙසියක් ජීවත් වෙනවා කියලා හිතාගෙන පරම්පරා හත අටකට ඇතිවෙන්ඩ යහමින් හරිහම්බ කරගත්තුවා තියෙන්නේ ...බලයට පත්කරපු ජනතාව ගැනත් හිතාපල්ලා..
කිසිම රක්ෂන සමාගමක් ඔය වයස් කාන්ඩවල අයට රක්ශන දෙන්න නෑ .ඒ අයගේ අවදානම ඉතා ඉහළ නිසා. මේක ගන්න එක රක්ශිතයාට ඉතා වාසිදායකයි. නොගෙන ඉන්න එක මෝඩ වැඩක් .
බමුණුආරච්චි... නුඹලා වගේ අය නිසා තමයි මේ රටට හරියන්නේ නැත්තේ...