IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


රක්ෂණයේ මගඩිවලින් රජයට කෝටි 440ක පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ)

ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලය ප්‍රතිරක්ෂණ කිරීමේදී කර ඇතැයි පැවසෙන නීති විරෝධී ක්‍රියා හේතුවෙන් රජයට රුපියල් කෝටි 440 පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේ සඳහන්වේ.

මේ සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රධාන විධායක නිලධාරී සහ සහකාර සාමාන්‍යාධිකාරී (මුදල්) යන අය සේවයෙන් ඉවත් කර තිබුණද අරමුදලට සිදුව ඇති අලාභය අය කර ගැනීමට කළමනාකාරිත්වය  පැහැර හැර තිබූ බව එම වාර්තාවේ දැක්වේ.

ස්වාභාවික විපත් රක්ෂණය ආවරණය කිරීම සඳහා රජයේ අරමුදල් යටතේ රක්ෂණ  වැඩසටහන ක්‍රියාත්මක කර තිබූ බවද වාර්තාව සඳහන් කරයි.

මේ අතර මණ්ඩලය අධිභාර බදු ලෙස රුපියල් කෝටි 120කට ආසන්න මුදලක්  2023 වර්ෂයේ වැඩ වර්ජන කැරලි කෝලාහල සහ ත්‍රස්තවාදී අරමුදලින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවා තිබුණු නමුත්  මණ්ඩලය එම බදු සහන  ගැනීමට ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවද  වාර්තාවේ දැක්වේ

මේ අතර රුපියල් කෝටි පනස් එකක මුදලක් ගෙවා ප්‍රතිරක්ෂණය කිරීම සඳහා තෝරාගත් තැ‍රැව්කාර සමාගම ගිවිසුමෙන් ඉවත්වීමෙන්  ප්‍රතිරක්ෂණ ආවරණයකින් තොරව පවත්වාගෙන යෑම හේතුවෙන්  අරමුදල දැඩි අවදානම් තත්ත්වයක පැවතුණ බවද විගණන වාර්තාව සඳහන් කරයි.

නීති ප්‍රකාරව ලියාපදිංචි නොවූ රක්ෂණ තැ‍රැව්කරුවකුට ප්‍රතිරක්ෂණ කටයුතු වෙනුවෙන් 2017 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා  රුපියල් කෝටි 120කට වැඩි මුදලක් ගෙවීම් කර තිබූ බවද එහි දැක්වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති  ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයට අදාල  ලේඛනයේය.



අදහස් (0)

රක්ෂණයේ මගඩිවලින් රජයට කෝටි 440ක පාඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 309 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2128 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1617 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site