
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රක්ෂණ නියෝජිතයන්ට සාධාරණය ඉටු කිරීම සඳහා නීති ගෙනඒම සඳහා සූදානම් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
රක්ෂණ නියෝජිතයන්ට ඊපීඑෆ්, ඊටීඑෆ් ගෙවීමට කම්කරු දෙපාර්තමේන්තුව තීන්දුවක් ගෙන ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.
ජීවිත රක්ෂණ නියෝජිතයන්ට වැටුපක් නියම කිරීමට හැකියාවක් නැතැයිද හෙතෙම සඳහන් කළේය.
ඔවුන් සේවකයන් බවට පත් කිරීමට නීතිමය ගැටලූවක් පවතින බවත් කම්කරු අමාත්‍යාංශයට ඒ සම්බන්ධයෙන් සෘජුව මැදිහත්වීමට හැකියාවක් නැති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
රක්ෂණ නියෝජිතයන්ගේ ප්‍රශ්නය ගැන ඔවුන් අමාත්‍යාංශයට අවස්ථා කිහිපයක කැඳවා ප්‍රශ්න කළ බව පැවසූ නිමල් සිරිපාල ද සිල්වා මහතා රක්ෂණ ආයතන එක්ව පිහිටුවාගත් සංගමයට ආරාධනා කළද ඔවුන් ඊට නොපැමිණි බවද ප්‍රකාශ කළේය.
මේ නිසා ස්ථිරසාර විසඳුමකට පැමිණීමට නොහැකිවූ බවද ඇමැතිවරයා පැවසීය.
රක්ෂණ හාම්පුතුන්ද මේ සාකච්ඡා සඳහා ඒමට අදිමදි කරන බවත් ඒ රක්ෂණ සමාගම්වලට හෙට දිනයේත් සාකච්ඡා සඳහා ආරාධනා කර ඇති බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකත් අර කොරෝනා නිසා අතරමංවුණු විදේශ ශ්‍රමිකයින්ට සාධාරණය ඉෂ්ඨ කළා වගේ එකක්ද? සාධාරණය ඉෂ්ඨ කිරීම කෙසේවෙතත් ඔවුන්ගේ අර ලියාපදිංචියට, මේ ලියාපදිංචියට කියලා කීයක් හරි කඩාගෙන පොකට් එකට දමාගනීවි.
ප්‍රථමයෙන්ම,රක්ෂණය වෙන මහජනතාවට රක්ෂණ සමාගම් වලින් නියම සේවය සිදු වෙනවාද කියා සොයා බලන්න.මේ රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුට එක්තරා රක්ෂණ සමාගමකින් සිදුවූ බලවත් අසාධාරණයක් ගැන ඔහු යූටියුබ් එකේ වීඩියෝ එකක් දමා තිබෙනවා.ඔහු අදාළ සමාගමට එරෙහිව නඩු දාන්න තමයි කටයුතු කරන්නේ.ඒ වගේම තවත් බරපතල අවස්ථාවකදී,රෝහල් ගාස්තු නොගෙවීම නිසා රක්ෂණය හිමි තැනැත්තා අතින්ම එම මුදල් ගෙවූ අවස්ථාවක් ගැනත් තිබුණා.කරුණාකර රක්ෂණ සමාගම් වලට රටේ ජනතාව ගසාගෙන කන අවස්ථා ගැන සොයාබලා නිසි පියවර ගන්න.ඇතැම් රක්ෂණ සමාගම් ජනතාව ගසාගෙන කනවා.ඒත්,වගකිවයුතු පාර්ශව දැඩි නින්දේ.