
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු අයවැය විවාද හෙට අනිද්දා රාත්‍රී දොළහ වන තුරු පැවැත්වීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු සහ සේවකයෝ දැඩි විරෝධය පළ කරති.
රාත්‍රී දොළහ වනතුරු පාර්ලිමේන්තුවේ රැඳී සිට අලුයම එක දෙකට නිවෙස් වලට ගොස් නැවතත් පසු දින පැමිණීමට සිදුවන හෙයින් එය දැඩි දුෂ්කරතාවයක් බවද ඔවුහු පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවසන්නේ අයවැය විවාද රාත්‍රී දොළහ වන තුරු නොපවත්වා නියමිත පරිදි පැවැත්වීමට නොහැකි වූ විවාද දෙක සඳහා වෙනම දින දෙකක් ලබාගන්නා ලෙසට දැනුම් දුන්
නමුත් එම ඉල්ලීම සලකා බලා නැති බවයි.
කථික ලැයිස්තුව කෙටි කිරීමෙන් හෝ කථිකයන්ගේ කතා කාලය අඩු කිරීමෙන් විවාද රාත්‍රී අට නවය වනවිට අවසන් කිරීමට හැකියාව තිබෙන බව එම මන්ත්‍රීවරු පෙන්වා දෙති.
ඉතිහාසයේ කවදාවත් රාත්‍රී දොළහ වන තුරු විවාද පවත්වා නැතැයිද ඔවුහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෑ දොලහ වෙනකං පාටියක් දාමු කිව්වනං ඔය එකෙක්වත් බෑ කියන්නෙ නෑ. රට වෙනුවෙන් මෙහෙමවත් කැප කිරීමක් කරන්න බැරි කාලකන්නි හැත්ත
ඒ ගැන නං අහන්න දෙයක් නෑ. මට තාම මතකයි පාස්කු ප්‍රහාරෙං මිනිස්සු මලාම මුං ටික තියපු මාධ්‍ය සාකච්ඡාව. රටේ මිනිස්සුන්ට මාස ගනං අල්ලං ඉන්න පුලුවං මුං කෙලවපුවට. මුං ටිකට දවස් දෙකක් රෑ වෙනකං ඉන්න බෑ. කල් දාලා, නොකර ඉඳලා පුරුදු එවුං තව මොනවා කියන්නද
මුං කොච්චර එලිවෙනකං තියෙන පාටි වල බිබී නටල ඇද්ද! කාලකන්නි.
රටේ පවතින ආපාදතත්වය ගැන දවස් දෙකක විවාදයක් ඉල්ලනවා කිව්වා.