(එම්.සුසිල් පියන්ත)
අම්බලන්ගොඩ හිරේවත්ත ප්‍රදේශයේදී එකට කා බී මිතුරාට පිහියෙන් ඇන ඝාතනය කළ බව කියන අයෙකු දෙදිනක් සැහවී සිට විදෙස්ගත වීම සඳහා පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොලේදී අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
සැකකරු පිළිබදව කටුනායක ගුවන් තොටුපොළ පාලකවරයාට මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම නිසා සැකකරුට රටින් පලා යාමට නොහැකිව අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරු අතින් ඝාතනයට ලක් වූයේ ඔහුගේම මිතුරකු වන අම්බලන්ගොඩ හිරේවත්ත පදිංචි ආර්.ජේ.රොෂාන් කුමාර නමැති හතලිස් දෙහැවිරිදි තිදරු පියෙකි.
අම්බලන්ගොඩ ධර්මාශෝක හා දේවානන් විදුහල් අතර පැවති වාර්ෂික එක් දින කිකට් තරගය නැරඹීමට ගොස් එකට මත් පානය කරමින් සිටියදී ඇතිවූ කතා බහක් දුරදිග යාමෙන් මේ ඝාතනය සිදුවී ඇති බවද පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාළුවා මරා රට පනින්න බැරිවේ