
(ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)
පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 50ක් සඳහා නායයෑමේ නිවේදන නිකුත් කිරීමට හා ඒ අතර දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක් සඳහා ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (22) පියවර තිබේ.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, දොළුව, උඩදුම්බර, ගඟ ඉහළ කෝරලය, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, යටියන්තොට, මාවනැල්ල, දෙහිඔීවිට, කෑගල්ල, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, අඹන්ගඟ කෝරලය, ලග්ගල පල්ලේගම, විල්ගමුව හා රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා නායයෑමේ තුන් වන මට්ටමේ ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කොට තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහීන්න, වලපනේ, නෝර්වුඩ්, අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, අයගම සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ අවදානමෙන් සිටින ලෙස දැනුම්දීමේ නිවේදන නිකුත් කොට තිබේ.
එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල, කන්දකැටිය, හපුතලේ, පස්සර, බණ්ඩාරවෙල, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, උඩ පළාත, පස්බාගේ කෝරලේ, පාතහේවාහැට, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, රිදීගම, මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, හඟුරන්කෙත, මතුරට, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, නිවිතිගල, ඇහැලියගොඩ සහ කොලොන්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා පළමු මට්ටමේ විමසිලිමත්ව සිටින ලෙස සඳහන් අනතුරු ඇගයීමේ නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
හෙට (23) දිනය දක්වා මෙම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන වලංගු වන බවත්, මෙම නිවේදන නිකුත් කොට ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ පදිංචි ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd