(යොහාන් භාසුර)
යොවුන් කළා ශිල්පිනියක් වන යොහානි ද සිල්වා ගයනා කරන ‘මැණිකේ මාගේ හිතේ’ ගීතය ‘යූටියුබ්’ සමාජ මාධ්‍ය ජලයේ පරිශිලකයන් කෝටි 10 අද (11) පස්වරුවේ පසු කළේය.
‘මැණිකේ මාගේ හිතේ’ ගීතය අද (11) පස්වරු 6.00 වන විට දසකෝටි හාරලක්ෂ තිස්දහස (100,430,000) ඉක්මවා නරඹා තිබුණි.
ඇයගේ මෙම ගීතය පසුගිය අගෝස් මස 23 වැනිදා කෝටි 5 සම්පූර්ණ කළේය.
ශ්‍රී ලාංකිකයකුගේ ගීතයකට යූටියුබ්හි මෙවැනි දැවැන්ත ප්‍රතිචාරයක් ලැබුණු පළමු අවස්ථාව මෙය වන අතර ඇයගේ ගීත ඉන්දියාව තුළ දැඩි ජනප්‍රියතාවක් ලැබීම මෙවැනි දැවැන්තියූටියුබ්’ පරිශිලකයන් සංඛ්‍යාවක් වාර්තා වීමට හේතු වී තිබේ.
යොහානි ද සිල්වා, ශ්‍රී ලංකාව කොටි ත්‍රාස්තවාදීන්ගෙන් මුදාගැනීමේ මානුෂික මෙහෙයුමේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ 57 වැනි සේනාංකයේ ප්‍රධානී ලෙස අනගි සේවයක් කළ මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා මහතාගේ දියණිය වන්නීය.
එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලබා ගිණුම්කරණ උපාධියක් ලබා සිටින ඇය ජනප්‍රිය ගායක දෙපළක් වන භාතිය සහ සන්තුෂ් සමඟ 2020 වසරේිසිරිසඟබෝධි මාළිගාවේ’ ගීතය ගායනය කිරීමත් සමගින් ජනප්‍රිය වූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභපැතුම් ! ඉදිරියටම යන්න
ඔය සිංදුව කලින් වෙන කවුදෝ කීවා වගේ මතකයි.
ඒ ගීතයේ රසයක් තිබෙන බව හැබෑය. ඒත් දැන් වීව්ස් එන්නේ යූ ටියුබ් ඇල්ගො රිද්මය රැල්ලට එය මිනිස්සුන්ට පෙන්වන නිසාය. රැල්ලෙන් රැල්ලටම ගොස් ඇති බැවින් මිනිස්සු එය සර්ච් කර බලන නිසාය. යූ ටියුබ් වීව්ස් වලින් ගීතයක කොලිටිය මැනිය හැකිවාක් යන්න සමාජයට හැඟවීමම අනර්ථයකි. වෙරළ අයිනේ ඇති පාරක යන විට වෙරළේ මිනිසුන් පොරකකා බලන යමක් වී නම් පාරේ යන අයද එතැනට ගොස් බැලීම මිනිස් ගතියකි. එහෙත් ඇතැම් විට ඇත්තේ මිය ගිය තල්මසෙකුගේ මළකුණකි.
අනුන්ගේ සින්දුවක් කියලා ජනප්‍රිය වෙලා අඩුම ගානේ සින්දුව කියපු අයගේ නමක්වත් සඳහන් කරන්නේ නැහැ කිසිම අවස්ථාවක
මේක ගොඩක් ප්‍රසිද්ද වුනේ අමිතබච්චන්ගේ මිනිබිරිය මේ සින්දුව අමිතාබ්ගේ ඩාන්සින්ග් වීඩියෝ එකකට එඩිට් කරලා යුටියුබ් දැම්මට පස්සේ.
ප්‍රතිචාර ඉන්දියව ,පකිස්ථානය ,ශ්‍රීලංකා රටවල් වලින් පමණයි .චීනය ,අප්‍රිකාව ,යුරෝපය ,ඇමරිකාව ,ඕස්ට්‍රේලියාව ,නවසීලන්තයේ ප්‍රතිචාර ?
කොරෝනා සනීප වෙයිද.? මේක ඔච්චර වැදගත් කාරණාවක්ද.?
අද සංගීතය ගැන ලැජ්ජයි. අනුන්ගේ ගීත කියලා තරු වෙනවා. තමන්ගේ නව නිර්මාණ කීයක් ජනප්‍රිය වෙලා තිබෙනවා ද.?
භාතිය හා සන්තුෂ් එක්ක ගීතයක් කීමෙන් ජනප්‍රිය වුන් නෑ. යොහානි ජනප්‍රිය වුණාට පස්සේ, භාතිය හා සන්තුෂ් යොහානි එක්ක සින්දු කිව්වා... තමන්ගේ මහන්සියෙන් ගොඩගියාම, කොහේවත් ඉන්න අයට ඒකේ ගෞරවය දෙන්න හරි දක්ෂයි කතා හදන අය...
මේ තරම් කුහක ජාතියක් මුළු ලෝකෙම නැහැ.
ලාංකිකයන් යනු අනුන්ට ඉරිසියා කරන්නට උපන් ජාතියකි. ජන කවියක්වත් හරියට කියාගන්න බැරි උන්දැලා මෙතන ඇල්ගෝ රිදම් ගැන කතා කරනවා..
මේ තරම් කුහක ජාතියක් මුළු ලෝකෙම නැහැ...