(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ නව උප සභාපතිවරයා ලෙස යොහාන් සට් මහතා පත්කර ඇත. එම පත්වීම අද(01) සිට බලපැවැත්වෙන බව ලෝක බැංකුව ප්‍රකාශ කළේය.
දකුණු ආසියාවේ කලාපීය උප සභාපතිවරයා ලෙස, සට් මහතා බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල් සමග සම්බන්ධීකරණය කරනු ඇති බවත් ඩොලර් බිලියන 39 ක් වටිනා ව්‍යාපෘති, තාක්ෂණික සහාය සහ මූල්‍ය සම්පත් ප්‍රමාණයක් අධීක්ෂණය කිරීම ඔහුට බාරවනු ඇති බවත් ලෝක බැංකුව පැවැසුවේය.
සට් මහතාගේ නායකත්වය යටතේ දකුණු ආසියානු කලාපයේ රැකියා උත්පාදනය කිරීමට, දේශගුණික විපර්යාස සහ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියණු කිරීමට සහ මානව ප්‍රාග්ධන සංවර්ධනය ලෝක බැංකුව සහාය ලබාදෙනු ඇත. ලන්දේසි ජාතිකයෙකු සට් මහතා 1999 වසරේදී ලෝක බැංකුව සමග සම්බන්ධ වී ඇති අතර තනතුර ගණනාවක් හොබවා තිබේ.
මීට පෙර සට් මහතා බ්‍රසීලයේ ලෝක බැංකු අධ්‍යක්ෂක ධුරය හොබවා ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
යොහාන් සට් ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයට