
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා, ඩුබායිහි ‘ගෝල්ඩන් වීසා’ සම්මාන හිමිකරගත්තාය.
කලා, සංස්කෘතිය සහ විනෝදාස්වාදය ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා දායකත්වයක් දුන් පුද්ගලයන්ට ඩුබායිහි බලධාරීන් පිරිනමන ගෞරවනීය සම්මානය ‘ගෝල්ඩන් වීසා’ ලෙස හදුන්වයි.
යොහානි සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය ජන සංගීතය සහ සමකාලීන පොප් සංගීතයේ අනන්‍ය සම්මිශ්‍රණයෙන් ප්‍රේක්ෂකයන් ආකර්ශනය කර ගනිමින් සිටින අතර ‘ගෝල්ඩන් වීසා’ ඇයගේ කලාත්මක විශිෂ්ටත්වය සඳහා වූ නොසැලෙන කැපවීම සහ ගෝලීය පරිමාණයෙන් සංස්කෘතික විවිධත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවීම ඇගයීමට ලක්කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෘදයාංගම සුබ පැතුම් යොහානි. රටට කෙණහලකම් කරන නලාකාරයින් සහ උන්ගේ ඇම්බැට්ටයින් ඔබට වෛර කළත් නින්දා කළත් ඒ කිසිවක් තුට්ටුවකට මායිම් නොකර ඔබ යන ගමන ව්ශිෂ්ට යි.
දැන් ඉතින් හම්බවුණු සල්ලි එහෙ බැංකු වල දමයි....
සුභ පැතුම්
වීසා... ! අප්පද බොල ගොල්ඩන් බැරි නම් පිත්තල හරි කමක් නැ සීයක් දෙසීයකට වත් ඩුබායි පැන ගන්න ඒ වීසා එඑකෙන් .... :) සුබ පැතුම් යොහානී.
උණුසුම් සුභ පැතුම්. තව තවත් ජාත්‍යන්තර ඇගයීම් ලැබේවා
මගේ උණුසුම් සුබපැතුම්... මෙම පුවත සුවකළ නොහැකි රෝගයෙන් පෙළෙන කට්ටියට ලොකු සිත් වේදනාවක් ගෙන දෙනවා ඇති.. ඔබට ඔබේ ගමන නිර්භයව යන්න අපගේ ආශීර්වාදය...
අනේ දුවේ, 'මැනිකේ මගේ හිතේ' වගේ තව සින්දු තුන හතරක් කියල තව තවත් ජනප්‍රිය වෙන්න.
කෝ මේ අපේ කුහක මාස්ටර්ලා ටික..? සරිගමේ පැටලිල්ලකටද කොහෙද තවම එකෙක් අන්තර්ජාතික ජනප්‍රියත්වයට පත්වුනේ නෑ. තරුණ ගායන ශිල්පීන්ට දියුණුවෙන්න දෙන්නෙත් නැහැ කල්ලි හදාගෙන. එක මාස්ටරයෙක් ඒදවස්වල කාටද ඡන්දෙ දෙන්න කියලා ඇඩුවා….
ගෝල්ඩන් වීසා කියන්නෙ සම්මානයක් නෙවි. එක්සත් අරාබි ඒමීර් වලට අවුරැදු 10 කට වීසා ලබාදීමක්
එහෙනම් ළඟදීම දේශපාලනයට එන්න පුළුවන්... නන්දසේන කොළඹින් දීපු ඉඩම වික්කද?
සමාජ මාධ්‍ය නිසා නවකයන්ට ඉදිරියට එන්න පුළුවන් තත්වයක් දැන් තියෙනවා. ඉස්සර නම් කුහක මාස්ටර්ලා එකතුවෙලා නවකයන්ව හමගැහුවා. ඒ අයගේ කල්ලිවල අයට පමණයි සිංදු කියන්න ඉඩක් ලැබුනේ. ජිප්සීස් සුනිල් අයියටත් මොනතරම් මඩ ගැහුවද? ඒත් ඔහු මාස්ටර් කල්ලි පරාජය කරගෙන ඉදිරියට ආවා.