
(ගයාන් සූරියආරච්චි)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සන්තකයේ තිබූ ගිනි අවි හතෙන් ගිනි අවි පහක් මේ වනවිට ආරක්ෂක අමාත්‍යංශය බාරයට ගෙන ඇති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයිය කොන්තා මහතාා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ අද ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශය මගින් පුද්ගලයන්ගේ පෞද්ගලික ආරක්ෂාව සඳහා ලබා දී තිබූ ගිනි අවිවලින් ලබා ගැනීමට ඉතිරිව ඇත්තේ තවත් ගිනි අවි එකසිය අසූ දෙකක් පමණක් බවයි.
යෝෂිත රාජපක්ෂ මහතා සන්තකයේ තවත් ගිනි අවි දෙකක් තිබෙන බවත් තවත් ගිනි අවියක් මෙතෙක් බාර දී නොමැති බවත් ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලාට පොඩි දරුවෝ ඉන්නවා.. ඉතින් සෙල්ලම් කරන්න දෙන්න ඇති. මේවා මේ දේශපාලන පලිගැනීම්..
දැන් පච ඇදබාලා, දිනන්න බැරි හින්දා මේ පාර වෙන ක්‍රමයක් අනුගමනය කරනවා. මේ සංදර්ශන දැන් දැකලා ඇති වෙලා.
හතක්? කාව මරන්නද අප්පා එච්චර ගොඩක් ළඟ තියාගෙන ඉන්නේ?
ආසියාවේ ආස්චර්‍ය බලන්ගියාම පවුලේ අයම, ලෝකෙටම පෙන්නලා...!
අවි බාරදීමට කාලයක් දී තිබුණා... බැර නොදුන්නොත් නිති මගින් කටයුතු කරනවා කිව්වා. එයට දැන් මාස 03ක් ගතවුණා. බාලගිරි අද නොවේ හෙට වගේ මේ වැඩ...
තාත්තා බලාගන්න හිටිය දෙන්නෙක්, පුතා ළඟ පිස්තෝල 7... ඉතින් පුතාට පුළුවන්නේ අර හතෙන් මහජනතාවගේ සේවයට දීලා බලාගන්න.
ගිනි අවි වලින් රගර් ගහපු එකම රට. ආසියාවේ ආශ්චර්යය.
තාත්තාට ගහන්න ඩ්‍රෝනා එනකොට ඒවාට වෙඩි තියන්න වෙන්න ඇති හතක්ම ළඟ තියාගත්තේ...!
මොවුන්ගේ මුහුණු වලින්ම පෙනෙනවා හොර, දාමරික, මිනීමරු මරුමෝස් සත්තු කියලා. මොවුන් එක්කත් ගෑනු ගියානේ...?
ගිනි අවි ගහන්න ඕනෑ...**
යන්තම් කන්ටේනර් ටික පන්නා ගත්තා. ස්තුතියි යෝෂිත..!
නාවික හමුදාවෙන් පන්නපු, මේ බොරු පාටියට ගිනි අවි ඔච්චර ගාණක් දුන්නා මී හරකා කවුද? දැන් කියාවි නාකි මයිනගේ ආරක්ෂාවට ඕවා දුන්නා කියලා... මේක හිටපු තැන්වල බෝම්බ එහෙම නැද්ද?
රටේ සාපය, ඔලු කට්ට කුඩුවෙන්න තියන්නේ ඔය අයගේ වටේ ඉන්න කාටවත් ගටක් නැද්ද?
අවි බාරදීමට කාලය තිබුණ , එම කාලේදී බාරදීලා නැහැ , අත්අඩංගුවට ගත්ත වෙලේ අවි බාර නොදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න තිබුණා , අධිකරණයට කරුණු වාර්තා කරන්න තිබුණා , අදාල නිලධාරියෝ නිදාගෙන හිටියද ? මොවුන්ට විරුධව විනය පියවර ගන්න , අවි භාර නොදුන් ප්‍රභූ ලොක්කෝ ඔක්කොම අත්අඩංගුවට අරන් නඩු පවරන්න , මහජන ආරක්ෂක ඇමති විජේපාල සහෝදරයා මොකද කියන්නේ ?
69 ලක්ශයක බලාපොරොත්තු විනාශ කළ නෑදෑ සනුහරේ කෙනෙක්. නෑයෝ ඕනෑවට වඩා ලංකර ගන්න එපා කියන්නේ ඕකට තමයි.
පච ලපයෝ දැන් ඇති.
එයාලට තියෙන ජීවිත තර්ජන නිසානේ තියා ගත්තේ. මීට බයියෙක්
රටේ කරුමෙට උපන්න ජාතියක් මුන්.