
(මනෝප්‍රිය ගුණසේකර)
රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් සහ නිවෙසක් 3,40,00000 මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අලුත්කඩේ අංක 5 අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී මහත්මිය අද සවස නියෝග කළාය.
සැකකරු ලබන 27 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එදින විමර්ෂණවල ප්‍රගතිය අධිකරණයට දන්වන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාර යෝජිත රාජපක්ෂ අද පෙරවරුවේ බෙලිඅත්තේ අධිවේගි පිවිසුම අසලදී අත්අඩංගුවට ගෙන ඇත.
එම ඉඩම මිලදී ගැනීම සඳහා මුදල් ලැබුණු ආකාරය පැහැදිලි ලෙස තහවුරු කිරීමට නොහැකිවීම නිසා යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂිත පවුල් පාලනේ කෙනෙක් නෑර හැම කෙනාම මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ කරපු අය බව ලෝකෙම දන්නවා...
රටේ ලෝකයේ ඉන්න හිඟන්නන්ට ඉඩම් ගත්තු හැටි පෙන්නන්න නීතියක් රටේ නැහැ. ඒක එයා පෙන්නයි උසාවියට. එතකොට ජනාධිපති. ආයේ වටයක් ඔවුන් කියනවා. අපි හිටියා නම් ඔහොම වෙන්නේ නැහැ කියලා. පව්, ජේවීපී සන්දේශය කොළ එකින් එක ගැලවෙමින් ඇත.
සම හරක් මෙතන කුලියට ඇඬුවට මිනිස්සු ඡන්දෙ දුන්නෙ හොරු අල්ලන්න තමයි.
ජනතා බදු මුදල්වලින් පලිගැනීම සඳහා ඔප්පු කළ නොහැකි ප්‍රදර්ශනාත්මක නඩු පැවරීමෙන් ජනතාවට සිදුවන සෙත කියන්න .
කපුටා තවම නිදැල්ලේ..
තව හතර දෙනෙක් පෝලිමේ ඉන්නවා. ඇතුලට යන්න බලාගෙන.
රාජපක්ෂ පවුලෙ කෙනෙක් පොලිස් හො අධිකරණයක් මගින් අත්අඩංගුවට ගන්නා පුවතක්, පුවත් පත් හා්වි ද්‍යුත් මාධ්‍යයෙන් ප්‍රචාරය කරන කොට ඒවාට "මහින්ද රාජපක්ෂ" කෑල්ල එකතු කිරීමෙන් වලකින ලෙස අප කතුවරුන් ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු. "මරා" කෑල්ල දකින සමහර අය පොලීසියට, අධිකරණයට නොකියන දෙයක් නැර්‍ත තරම් !! රාජපක්ෂ පවුලෙ අය ඔවුන්ට එතරම් සාන්තූවරයන් වගේ පෙනුනට අපට ඕවා අප්ප කරන දෙ පුතා නොකරොත් ඌ... කාගේද පුතා කියන කතාව සිහිපත් කරවයි !! ඩෙසි ආච්චිගේ මල්ලෙ තව මැණික් ඉතිරි වෙලා තියෙන්නේ කොහොමද කියා බැලුවොත් නරකද ???
රටේ ප්‍රශ්න ජනතාවගෙන් අමතක කරන්න… ගෑලරිය කුල්මත් කරන්න … කරන සක්කිලි වෑඩ…. අඩු ගානේ පොල් ගෙඩියක් හාල් ටිකක් දීපල්ලා සම්බෝලයි බතුයි කන්න …. පච හෑත්ත….
ඡන්දෙ ලං වෙලා මහින්දවත් දාවි සමහර විට. ඒව කරල විතරක් ඡන්දෙ දිනන්න පුලුවන් නම් බැරියැ ඉතින්. මිනිස්සු ඡන්දෙ දුන්නේ ඇත්තටම රාජපක්ශලා සල්ලි හොරකම් කරලා තියෙනවා නම් ඒ හොරකම් කරපු සල්ලි ගේන්න මිසක් නිකන් පලි ගන්නවා බලන්න නෙමේ. මාලිමාවට ඡන්දෙ දුන්නේ ගියපාර පොහොට්‍ටුවට දීපු මිනිස්සුමයි. උන්ට රිද්දලාද ආයෙ බලේ ගන්න හදන්නෙ?
දැන්නම් හොඳටම ශුවර් ඡන්දේ ඉතාම කිට්‍ටු බව...!
මිනීමරපු ත්‍රස්තවාදී කල්ලියකට 2/3 බලයක් දෙනවා කියන එකේ තේරුම මිනිස්සුන්ට ලාවට හරි දැනුනේ, මේ පාර මාලිමාවට කියලා ස්ටිකර් ගහන් ගියපු ත්‍රීවිල් කාරයින්ටයි, බස් කාරයින්ටයි ගේම දුන්නාම. ඔය වැඩේ අනිත් ඔවුන්ට වෙච්ච දවසට පරක්කු වැඩි වෙයි...
දේශපාලනේ මෙලෝ හසරක් දන්නෙ නැති ලංකාවේ දේශපාලන මෝඩයෝ දැන් හුරේ දාවි. ඒත් සමාජවාදේ දන්න අය දන්නවා. ඊළඟට ගේම හැමෝටම පොදුවේ ලැබෙනවා කියලා. එතකොට මෙතන හුරේ දාන ගොබ්බයන්ටත් කෙල වෙනකොට ඒ වෙනුවෙන් කතා කරන්නවත් විපක්ෂයක් ඉතුරුවෙලා තියෙන එකක් නෑ.
වලව්වට වහල්කම කරන මෝඩ මිනිස්සු පිරිසක් තාම මේ සමාජයේ ඉන්නවා.. කවදාවත් මිදෙන්න උතසාහ කරන බවක් පේන්න නැහැ..!
තවම අර බෙරේ වැවේ නාපු කට්ටිය මෙතැනට ප්‍රතිචාර දක්වන්න ඇවිල්ලා නැහැ...!
නේවි එකේ වැඩකරලා හම්බකරපු සල්ලි...
හිරේ හිටියට කොල්ලා ෆුල් සැපේ ඉන්නේ...
ඒ වුණාට ලංකාවේ ගොඩක් අය දන්නේ නෑ. මේ රටට මෙහෙම වුණේ වාමාංශික දේශපාලන විෂබීජය නිසා කියලා. ඔය පවුල් පාලනේ ගෝඩ් ෆාදර් රාජපක්ෂලත් (බැසිල් හැර) රට පාලනේ කළේ වාමාංශික අන්ධ භාවයෙන්. ශ්‍රිලනිල ජවිපෙ දෙකේ ලොකු වෙනසක් නෑ. ජවිපෙ විසින් වෘත්තීය සමිති දාලා ආණ්ඩු වැට්ටුවේත් ඒ වාමාංශික ටොෆි චොකලට් විකුණලා. අවශ්‍ය වෙලාවට ඒ ආර්ථික ප්‍රතිසංස්කරණ වලට ගියේ නෑ. රට විකුණනවෝ රාජ්‍ය දේපල විකුණනවෝ කියකිය ඇත්ත දැනදැන ඡන්ද දිනන්න වුවමනාවට රට ලිංගැට්ටේ හිරකළා. වංචා, දූෂණ කියලා බොරුවක් මිනිස්සුන්ගේ ඔළුවට දැම්මා. දැන් ආණ්ඩුවම කියනවා රාජ්‍ය සේවකයෝ වැඩියිලු. පාඩු ලබන රාජ්‍ය ආයතන තියෙනවාලු. මීට අවුරුදු 20කට කළින් රනිල්... යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩපිළිවෙළින් කරන්න හැදුව දේවල් නැවැත්තුවා. දැන් ජවිපෙ එදා පොළොවේ පස් කාලා බෙරිහන්දීලා නවත්තපු ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න හදනවා...
තේරුමක් නැති මිනිස්සු