මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුතු වන ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂගේ විවාහ උත්සවය අද (3) කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී පැවැත්වේ.
යෝෂිත රාජපක්ෂ මහතා අත ගනු ලබන්නේ ව්‍යාපාරික ආනන්ද ජයසේකර මහතාගේ දියණිය වන නිතීෂා ජයසේකර සමඟයි.



මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුතු වන ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂගේ විවාහ උත්සවය අද (3) කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී පැවැත්වේ.
යෝෂිත රාජපක්ෂ මහතා අත ගනු ලබන්නේ ව්‍යාපාරික ආනන්ද ජයසේකර මහතාගේ දියණිය වන නිතීෂා ජයසේකර සමඟයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ලොකුවට මගුල් 3ක් අරගෙන දැන් ගොඩක් ණය වෙලා ඇති... පව්...!!!
මෙහෙම මගුල් කන්න කොහොම සල්ලියක් තියෙනවා ඇත්ද?
සිරිසේන පහුගිය දවසක හදිසියේම යෝෂිතව හමුදා සේවයේ පිහිටෙව්වේ මේකයි එහෙනම්.. ගෝඨා ආවත්, මහින්ද ආවත්, සිරිසේන ආවත්, රනිල් ආවත් රටේ නීතියට දෙවියන්ගේම පිහිටයි. කොහොමත් වහල්කම අපේ ජනතාවට වැදගත් නීතියක් ඇති රටකට වඩා..
සුබ පැතුම්!!! යහපත් යුගදිවියක් ගතකරලා රටට ලෝකෙට ගුණගරුක දරුවන් බිහිකරලා යහපත් ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා ඔබ දේපොළට අවංක හිතින් ප්‍රාර්ථනා කරනවා..!!!
යෝෂිතට නාවික හමුදාවෙ තනතුරු එක්කම රැකියාව දුන්නේ නාවික හමුදා නිල ඇඳුමෙන්ම ගෞරවාන්විතව කරන්නලු...
මගුලට හමුදා නිලඇඳුම අඳින්න නඩු පිට ඉඳලත් විශේෂ අවසර මත උසස්වීමකුත් දීලා.. ලංකාවේ නාවික හමුදාවට ගිය කලක්.. අර යුද්ධයේදී කොටි මරාගෙන නැවත් සමගම මුහුදු පතුලට ගිය රණවිරුවන් මතක්වෙද්දිත් පපුව රිදෙනවා.
දේශපාලන වශයෙන් මොන වැරදි තිබ්බත්, මේ වගේ ඉස්තරම් දවසක ජීවිතේ ඉතා වැදගත් අසිරිමත් අවස්ථාවකදී අපි හදවතින්ම සුබ පතන්න ඕනේ.. සුබ මංගල්‍යයක්, සුබ අනාගතයක් ඔබ දෙපළට...
සිරිසේන මහත්තයා ගිය සුමානේ නැවත නාවික හමුදාවේ රැකියාව දුන්නේ මේකට වෙන්න ඇති... ලැජ්ජයි මහත්තයෝ ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් අනුව මේ වගේ තනතුරක නිල ඇඳුමක් දා ගැනීම...
නව යුවලට සුබ මංගලම් !!!
දේශපාලනය විවාහය එක්ක පටලවන්න එපා. ඒවා දෙකක්.
ඡන්දෙට කලින් විවාහ වුනු එක හොඳයි. සජිත් ජනපති වුණාම මේ කට්ටිය ලංකාවේ ඉඳියිද දන්නේ නැහැ.
ජාතිය ආගම කුමක් වුවත් ශ්‍රී ලාංකිකයෙක් හැටියට මගෙන් සුබ පැතුම්.
දේසපාලනය අපිට වැඩක් නැහැ යුග දිවියට සුබ පැතුම්
ඔහෙලා අපි වගේ නෙමෙයි මේ අය රජවරු .රටේ නීති ඒ අයට අදාල නැහැ .දවසින් නෙවි එකට බැඳෙනවා අවුරුදු ගානකට පස්සේ, පහුවෙනිදට උසස්වීම් ලබනවා. ඔබට මට මේ වැනි අස්චාර්ය කරන්න පුලුවන්ද .මේක තාමත් රජ පෙළපතක් තියෙන රටක් .අපි තව මෙවැනි අසාදාරන වැඩ බලාගෙන ඉන්නවද. මේවා වෙනස් කල යුතුයි. අවුරුදු 70 බලාගෙන හිටිය හොඳටම ඇති.
බලන් ඉඳපන් සජිය ජනපති වෙනකන්...
සුබපැතුම්... යෝෂිත නේවි සූට් එකෙන් ඉන්නවා දකින්න වැඩියෙන්ම ආසාව තියෙන්න ඇත්තේ ජනාධිපති සිරිසේනට. එකනේ හිඟවැටුප් සමගම සේවයේ පිහිටෙව්වේ මගුලට සතියකට කලින්...
දැන් ඉතින් අපට ඉස්සරහට අහන්ට තියෙන්නේ රාජපක්ෂවරුන්ගේ මගුල් කෑම පිළිබඳවයි.
ජය මංගලම්...!
මෙවැනි හොඳ වටිනා අවස්ථාවක අවංකව, කාරුණිකව සහ නිහතමානීව සුබ පැතීමක් කරනවා විනා අනවශ්‍ය දේ නොකියන්න කාරුණික වන්න...
යෝෂිත මොකක් ඇඳගෙන මගුල් කෑවත් අපිට ඇති වැඩේ මොකක්ද? සේනාධිනායක තීරණය කරනවානම් එයාගේ අභිමතය පරිදි නැවත සේවයේ පිහිටුවනවා, හිඟ වැටුප් ගෙවනවා, නිලය උසස් කරනවා කියල අපට ඒක ප්‍රශ්න කරන්න බැහැ. නමුත් නාවික හමුදාවේ අභිමානය මෙතරම් සැහැල්ලුවට ගැනීම ගැන අපි ජාතියක් හැටියට ලජ්ජා වෙන්න ඕනේ. අර කඩු ඔසවාගෙන ඉන්න සුළු නිලධාරීන්ට මොනතරම් ලැජ්ජාවක් ඇතිවෙන්න ඇද්ද.
අපි දේශපාලනය පැත්තකින් තියමු. මේ ගොල්ලෝ මෙහෙම හද්දා මගුල් කන්න තරම් පොහොසතුන් වුනේ කොහොමද? හොද ප්‍රශ්නයක්? හැබැයි දීර්ඝ වශයෙන් කතා කළ යුතුයි. කොටින්ම කියනවානම් පොහොසත් උනේ සල්ලි හම්බ කරපු නිසා. බිල් ගේට් පොහොසත් උනේ කොහොමද? තව අය ඉන්නවා. එයාලගේ රාජධානියේ නොවෙයි ඇමරිකාවෙත් එහෙම අය ඉන්නවා. එත් ඇමරිකන් ජනාධිපති එහෙම කන්න දෙන්න යනවාද? තමන්ගේ මුදල් වලින් මගුල් කන එක අපරාධයක් වෙන්නේ කොහොම? 1960 ගණන්වල නගර සභාවේ ප්‍රජාශාලාවල මගුල් කාපු මිනිස්සු අද මගුල් ගන්නේ ලොකු හෝටල්වල. ඔබේ ප්‍රශ්නය මිනිස්සු මුදල් හම්බකරපු විදිහනම් එය වෙනම කතාවක්, නමුත් හම්බකරපු මුදල් වියදම් කරන්නේ තමන්ට ඕනේ විදිහට. ඒක ඔබ ප්‍රශ්නයක් කර ගන්න එපා.