
(අංජුල මහික වීරරත්න)
යෞවන සමාජ පද්ධතිය අද වන විට දේශපාලනීකරණය වී ජවිපෙ හිතවාදීන්ගේ වුවමනාවට ක්‍රියාත්මක වෙන තැනක් බවට පත්ව තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දශක ගණනාවක් පුරා මෙරට තාරුණ්‍යට ජාති ආගම් කුලමල පන්ති පක්ෂ දේශපාලන භේදයෙන් තොරව තරුණ හඬ තරුණ ජවය සහ තරුණ ශක්තිය ක්‍රියාත්මක කරන්න තිබූ යෞවන සමාජ පද්ධතිය සහමුලින්ම දේශපාලනීකරණය කර ඇති බව කී විපක්ෂ නායකවරයා වත්මන් රජයත් යෞවන කටයුතු අමාත්‍යවරයා සහ තරුණ සේවා සභාපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමක් එම කටයුත්ත කරමින් සිටින බව පැවැසීය.
මීට පෙර ග්‍රාම නිලධාරීවරයා සහ තරුණ සේවා සභාවේ නිලධාරීන් විසින් මුළු ගමම නගරයම දැනුවත් කර පිහිටවූ යෞවන සමාජ අද පිහිටුවන්නේ ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය මන්ත්‍රිවරුන් බවත් එහි කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ විපක්ෂ නායක කාර්යාලයේ දී Citizens’ Voice (පුරවැසි හඩ) වැඩසටහන සඳහා පැමිණි දිවයින පුරා සිටින යෞවන සමාජවල සාමාජික සාමාජිකාවන් හමුවූ අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ලටත් බලය තිබුණු කාලේ ඒ දේවල් කරන්ඩ තිබුණා . දැන් කෙදිරිගාලා හරියනවද? පිට පිට මැතිවරණ පැරදෙනවා. පක්ෂේ ඇතුළෙත් සමගියක් නැහැ. අන්තෝජටා බහි ජටා කිව්වලු ?
අනේ ඉතිං අසරණයා නොවැ! පස්පංගුව වත් නැතෙයි ගෙදර තම්බන් බොන්න.