
(අංජුල මහික වීරරත්න)
යාවත්කාලීන නොකළ සියලු රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කර ඇති බවට පළවන ප්‍රචාර මුළුමනින්ම අසත්‍යය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා පැවසීය.
මෙතෙක් යාවත්කාලීන නොකළ මිලියන දෙකකට ආසන්න රියදුරු බලපත්‍රලාභීන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරන බව කී ලේකම්වරයා එම කටයුතු මෙම වසර අවසන් වීමට පෙර සිදු කරන බව කීය .
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (23) පැවති "ස්ථාවර රටකට සැවොම එක මගකට" මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ලේකම්වරයා මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඔතැන ලොක්කෙක් අර කිව්වේ කටින් නෙවෙයිද? මොකද ලොක්කා කිව්වද ඡන්දෙ අස්සේ ඕවා කියලා ඡන්ද කඩන්න එපා කියලා... අනේ මෙහෙමත් නිලධාරියෝ. මම දන්නා කෙනෙක් ඉන්නවා සිහි කල්පනාව, ඇස් පෙනීම අඩුයි, ඇඟේ වාරුව නැහැ. ඒත් ඔය කලු සුදු කාඩ් එකෙන් පදිනවා.. අපි වසර පහකට වරක් වෛද්‍ය සහතිකයක් පෙන්නලා අලුතින් මුදල් ගෙවලා ගන්නවා. ඉතිං රටේ ප්‍රතිපත්තියක් නැතිකම පේනවා නේද?