(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු )
යාල්දේවි දුම්රිය පීලිපැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන දුම්රිය වල මගින් මැදවච්චිය සහ වව්නියාව අතර බස් රථ වලින් ප්‍රවාහනය කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . ඒ අනුව කොළඹ සිට මැදවච්චිය දක්වා ධාවනය කෙරෙන දුම්රිය වල මගින් මැදවච්චියේ සිට වව්නියාව දක්වාත් කන්කසන්තුරේ සිට කොළඹ බලා යන මගින් වව්නියාවේ සිට මැදවච්චිය දක්වාත් බස්රථවලින් ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා ඇතැයි දෙපාර්තමේන්තුව ප්‍රකාශකයකු පැවසීය . මේ අතර මෙම පීලිපැනීම නිසා ඊයේ(06) පෙරවරුවේ කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ නගරාන්තර දුම්රිය අවලංගු කෙරුණු අතර සෙසු දුම්රියන් කොළඹ සිට මැදවච්චිය දක්වාත් කන්කසන්තුරේ සිට වව්නියාව දක්වා ද සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd