
(යොහාන් භාසුර)
උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම දුම්රිය ධාවනයට විවෘත කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී ජී.ඩී.ඒ. සමරසිංහ මහතා අද (22) පැවසීය.
උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර යාල්දේවී දුම්රිය අනිද්දා (24) සිට ධාවනය කරන බවත් එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.40ට පිටත්ව කන්කසන්තුරය දුම්රිය ස්ථානයට පස්වරු පස්වරු 2.32 ට ළගාවීමට නියමිත අතර කන්කසන්තුරයෙන් පිටත්වන දුම්රිය පෙරවරු 10.30 ට ආරම්භවී පස්වරු 6.54 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළගාවීමට නියමිත බවත් ඒ මහතා කීය.
යාල්දේවි දුම්රියේ පළමු පංතියේ වායු සමනය කළ සහ දෙවැනි පංතියේ ආසන වෙන්කිරීමේ පහසුකම් ද මේ වන විට සළසා ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.


COMMENTS