
(අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු)
තිස්සමහරාම යාල ජාතික උද්‍යානයට යාබද වන සංරක්ෂණ ප්‍රේරක කලාපයක් වන ගල්ආර ප්‍රදේශයේ වනාන්තරය කොහොඹ, බුරුත, පලු වීර වැනි වටිනා දැව ශාඛ ගස් දෙසීයකට අධික ප්‍රමාණයක් මුලින් කපා මහා වන සංහාරයක් සිදුකර ඇතැයි වනජීවි නිලධාරීහු පවසති.
අක්කර දෙකක පමණ ප්‍රදේශයක් මෙම විනාශ කර තිබූ අතර වන සංරක්ෂණ ප්‍රදේශයට අයත් තවත් අක්කර සියයකට ආසන්න ප්‍රමාණයක් මේ වන විටත් සම්පූර්ණයෙන්ම එළිපෙහෙළි කර ඇත.
ඉන් සමහරක් අඩි පහළොවක් පමණ උස විදුලි වැටවල් යොදා වන අලින්ගෙන් වෙන් කර ඇති ආකාරයත් දෙක ගැනීමට හැකි විය.
ඉඩම් ජාවාරම්කරුවන් මෙලෙස වටිනා දැව කපා අලෙවි කර එළිපෙහෙළි කරන ලද ඉඩම් අක්කරයක් ලක්ෂ තිහක් හතළිහක් පමණ මුදලකට දුරබැහැර ප්‍රදේශවල අයට විකුණන බවට ප්‍රදේශයේ හේන් ගොවීහු සඳහන් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා විනාඩියේදී පැයකදිවත් කරන්න පුළුවන් ඒවාද..? වන සංරක්ෂණ නිලධාරීන් ස්ථිරවම මේවා පිටුපස ඉන්නවා. දැන් ඉතින් මේවාත් ආරක්ෂක හමුදා වලට බාර දෙන්න..
69 ලක්ෂයට ජයවේවා...! මේවා නවත්වන්න නේද බලය මල් වට්ටියක් තියලා පූජා කළේ...?