
(ඩයනා උදයංගනී)
යල කන්නයේ වී වගාව සඳහා දේශීයව නිෂ්පාදනය කළ පරිසර හිතකාමී පොහොර ප්‍රසම්පාදනය කිරීමේ කොන්ත්‍රාත්තු ලංසුකරුවන් 46ක් වෙත ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
මෙවර යල කන්නයේ වී වගාව සඳහා කුඹුරු හෙක්ටයාර ලක්‍ෂ 6ක් ඇස්තමේන්තුගත කර ඇති අතර, ඒ සඳහා දේශීයව නිෂ්පාදනය කළ පරිසර හිතකාමී පොහොර ප්‍රසම්පාදනය කිරීමට ඉකුත් ජනවාරි මාසයේදී කැබිනට් අනුමැතිය ලැබී තිබිණි.
ඒ අනුව දේශීය තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුව ලංසු කැඳවා තිබූ අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහා ලංසුකරුවන් 46ක් හඳුනාගෙන ඇත.
ඔවුන් වෙත කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd