IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


යූරියා මෙට්‍රික්ටොන් 15,000 ක් ආනයනය කරයි

(අංජුල මහික වීරරත්න)

ස්ටේට් සර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් මඟින් යූරියා මෙට්‍රික්ටොන් 15,000 ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් විසින් පෞද්ගලික අංශයේ සමාගම් හා තරඟකාරී අයුරින් 2023/24 මහ කන්නයේ සිට පොහොර ආනයනය කර ගොවීන් වෙත අලෙවි කිරීම සඳහා 2023-07-17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

 ඒ අනුව, ඉදිරි කන්නය සඳහා විවෘත වෙළෙඳපොළ තුළ සෘජු හා මිශ්‍ර පොහොර ලෙස අලෙවි කිරීම පිණිස ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රම වේදය අනුගමනය කරමින්, යූරියා මෙට්‍රික්ටොන් 15,000 ක් ස්ටේට් ෆර්ටිලයි සර් කම්පැනි ලිමිටඩ් විසින් ආනයනය කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.



අදහස් (2)

යූරියා මෙට්‍රික්ටොන් 15,000 ක් ආනයනය කරයි

ගුණරත්න Tuesday, 27 May 2025 03:49 PM

මූදු වතුරෙන් සල්පියුරික් අම්ලේ හදල යූරියාත් හදන විදිහක් ගැන ජනාධිපති වෙන්ඩ කලින් කියෝව කියෝවා ගියා, මැටි හරක් ඒවා අහල ඡන්දෙත් දුන්න, කෝ ඉතින් යූරියා හදන්නේ නැතෙයි? කෝ නිෂ්පාදන ආර්ථිකේ?

:       3       3

සාලිය Tuesday, 27 May 2025 10:53 PM

යූරියා ලංකාවේ හදන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site