
(විමුක්ති එස් රුද්‍රිගු)
යුරෝපා සංගමයේ අපනයන සඳහා පනවා තිබූ සියයට 30 ක තීරු බද්ද සියයට 15 දක්වා පහළ දැමූ බව ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය.
යුරෝපා සංගමය සහ ඇමෙරිකාව පුළුල් වෙළෙඳ ගිවිසුමකට එළැඹි බවත් ඒ යටතේ මෝටර් රථ ඇතුළු යුරෝපා සංගමයේ නිෂ්පාදන බොහොමයකට සියයට පහළවක තීරු බද්දක් පැන වෙනු ඇතිබවත් ජනපති ට්‍රම්ප් පැවසුවේය.
කෙසේ නමුත් ගුවන් යානා අමතර කොටස්, ඇතැම් කෘෂිකාර්මික නිෂ්පාදන හා රසායනිකයන් ඇතුළු නිෂ්පාදන කීපයක් තීරු බද්දෙන් නිදහස් වනු ඇතැයිද ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
වෙළඳ ගිවිසුම යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 750 ක බලශක්ති නිෂ්පාදන යුරෝපා සංගමය ඇමරිකාවෙන් මිලදී ගනු ඇති බවත් ඇමෙරිකාවේ සිදුකර ඇති සමස්ත ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 600 දක්වා ඉහල දමනු ඇති බවත් ජනපති ට්‍රම්ප් පැවසුවේය.
එසේම යුද උපකරණ මිලදී ගැනීමට විශාල ඇණවුමක් යුරෝපා සංගමය ඇමරිකාවට ලබා දෙනු ඇතැයිද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
යුරෝපා සංගමයේ සභාපති වොන්ඩර් ලින් සහ ජනපති ට්‍රම්ප් අතර ඊයේ (27) ස්කොට්ලන්තයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව වෙළඳ ගිවිසුම ප්‍රසිද්ධියට පත් කළේය.
2025 නොවැම්බර් මස 04
293
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2121
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1613
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුරෝපා සංගමයට ට්‍රම්ප්ගෙන් ලොකු සහනයක්