IMG-LOGO

යුරෝපා රටවල කොරෝනා ඔඩුදුවයි

යුරෝපය යළිත් වරක් 'කොවිඩ් 19' කේන්ද්‍රස්ථානය වීමේ ලකුණු පෙන්නුම් කරන බවත්, දෛනිකව යුරෝපා රටවලින් වාර්තා වන ආසාදිතයන් සහ මරණ අනුව, ලබන වසරේ පෙබරවාරි වනවිට යුරෝපයේ 'කොවිඩ් 19' මරණ ලක්ෂ 5 සීමාව පසු කරනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් මෙම අනතුරු ඇඟවීම කළේ යුරෝපා රටවල් වෙනුවෙන් පත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී හෑන්ස් ක්ලූග් ය. ඒ, 'කොවිඩ් 19' සම්බන්ධයෙන් පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අතරතුරේය.

'කොවිඩ් 19' වසංගතය ආරම්භ වූයේ 2019 වසරේ දෙසැම්බර් මස අවසානයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. 2020 මාර්තු මාසය වෙද්දී, වයිරසය යුරෝපයට ව්‍යාප්ත විය. 'කොවිඩ් 19' වසංගතයෙන් දරුණු ලෙස බැට කෑවේ ඉතාලියයි. ඉන්පසු මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය ජර්මනිය ඇතුළු යුරෝපා රටවල ද දරුණු වසංගත තත්ත්වයන් නිර්මාණය විය.

අද වනවිට යළිත් වරක් යුරෝපා රටවලින් ආසාදිතයන් සහ මරණ වාර්තා වීමට පටන්ගෙන ඇත. ඒ, වයිරසය පාලනය කිරීමට ප්‍රමාණවත් ආකාරයට එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක නොවීම නිසා යැයි හෑන්ස් ක්ලූග් මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේය. යුරෝපයේ කොරෝනා එන්නත්කරණ කටයුතු මන්දගාමී මෙන්ම අසමානතාවක් පෙන්නුම් කරන බව ද හෙතෙම පැවැසීය.

ස්පාඤ්ඤයේ පූර්ණ එන්නත්කරණය ලැබූ ප්‍රතිශතය ජනගහණයෙන් සියයට 80 ක් දක්වා ඉහළ මට්ටමක පැවැතිය ද, ප්‍රංශයේ එය සියයට 68 ක් බවත්, ජර්මනියේ සියයට 66 ක් බවත් වාර්තා ඉදිරිපත් කරමින් හෑන්ස් ක්ලූග් පැවැසීය. ඔක්තෝම්බර් අවසාන වනවිට රුසියානුවන් අතරින් පූර්ණ එන්නත්කරණය ලබා ඇත්තේ සියයට 32 කට පමණි.

රුසියාව මේ වනවිට දරුණු 'කොවිඩ් 19' රැල්ලකට මුහුණ දෙයි. මහා බ්‍රිතාන්‍යයෙන් සහ ජර්මනියෙන් ද ආසාදිතයන් හමුවීම ඉහළ යමින් පවතී. 'කොවිඩ් 19' වසංගතය ආරම්භ වු දින සිට ජර්මනියෙන් වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාවක් මේ වනවිට වාර්තා වී ඇත.

 යුරෝපීය රටවල කොරෝනා නිරෝධායන සීමා ලිහිල් කිරීම ද මේ අයුරින් ආසාදිතයන් සහ මරණ ඉහළ යෑමට හේතුවක් වී තිබේ.

යුරෝපීය කලාපයේ රටවල් 53 කින් මේ වනවිට වාර්තාවී ඇති කොරෝනා මරණ ගණන ලක්ෂ 14 ඉක්මවා ඇත. මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික කණ්ඩායම් ප්‍රධානී මරියා වෑන් කර්කොව් පෙන්වා දී ඇත්තේ පසුගිය සති හතර තුළ යුරෝපීය කලාපයේ කොරෝනා ආසාදිතයන් ගණන සියයට 55 කින් ඉහළ ගොස් ඇති බවය.

(රොයිටර්)



අදහස් (0)

යුරෝපා රටවල කොරෝනා ඔඩුදුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 729 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site