
ඉරානයට කළ පහර දීමෙන් පසු, යේමනයේ සිටින ඉරාන හිතවාදී හවුති සටන්කාමීන් ද ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන බව වාර්තා වේ. කෙසේ නමුත් එම මිසයිල උඩු ගුවනේ දී විනාශ කර දැමීමට ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතිය සමත් විය.
යේමනයේ හවුති ෂියා මුස්ලිම් සටන්කාමීන් ත්‍රස්තවාදීන් ලෙස ඇමෙරිකාව නම් කර ඇති අතර, ඇමෙරිකාව හවුති සටන්කාමීන්ට දිගින් දිගටම පහර දෙමින් සිටී.
මේ අතර, ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරයට නැගෙනහිරින් පිහිටි රාමත් ගාන් නගරයට පතිත වූ ඉරාන මිසයිලයක් ගොඩනැගිලි රැසක් බිමට සමතලා කළ බව පැවැසෙයි. ඊයේ (13) එල්ල වුණු ඊශ්‍රායල ප්‍රහාරයෙන් පසු, දිගින් දිගටම යුදෙව් ඊශ්‍රායලයෙන් පළිගන්නා බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ප්‍රතිඥා දී ඇත.
ලොව ප්‍රධානතම ෂියා මුස්ලිම් ඉරානය ත්‍රස්තවාදී රාජ්‍යයක් බව පවසමින්, ඉරානයට දිගින් දිගටම පහර දෙන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රතිඥා දී ඇත. මීට අමතරව, ඉරානය දැවී අළු වෙන තුරු පහර දෙන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇත.
2025 දෙසැම්බර් මස 16
11
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
යේමනයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර
රනේ Saturday, 14 June 2025 06:22 PM
අහන දකින දේ ගැන බයේ බෑ අප්පා..
Nandalal DE SILVA - France Saturday, 14 June 2025 11:35 PM
ඉරානය ඊශ්‍රායලයට පහරදී, අසරණ, නිරායුධ සිවිල් වැසියන් අමු අමුවේ සමූලඝාතනය කිරීම ලොකු හපන් කමක් ලෙස සැලකුවද, ඊශ්‍රායලය මිසයිල ප්‍රහාර ඉරානයට එල්ල කරන්නේ එහි තිබෙන න්‍යෂ්ටික අවි නිපදවන ස්ථාන විනාශකර කලාපීය සාමය ස්ථාපිත කිරීමට බව අමුතුවෙන් කිවයුතු නැත... ඇමරිකාව ඇතුලු බටහිර ලෝකයේ රටවලට ඉරානය කරන තර්ජන, ඔවුන්ටම පාරා වළලු වීමට වැඩි කලක් නොයනු ඇත. මීටර් විශාල ගණනක් යට භූගත, රහසිගතව සඟවා ගෙන තිබෙන න්‍යෂ්ටික අවි වර්ග එක මිසයිල ප්‍රහාරයකින් අවි දූලි කිරීමට ශක්තිය ඇති අවි දැනට ලෝකයේ තිබෙන එකම රට ඇමරිකාව බව ඉරාන කළු කබා මොල්ලාවරුන්ට මතක් කර දීමට කාලය පැමිණ තිබෙනවා.
TrimpSunday, 15 June 2025 08:01 PM
එතකොට ඇමරිකාවේ තියන න්‍යශ්ටික අවි....?