
(අංජුල මහික වීරරත්න)
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයක් යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්රී ලංකාවේ වැඩීම දිස්ත්‍රික්ක ප්‍රමාණයක් ඇතුළත් වන උතුරු පළාතේ වවුනියාව දිස්ත්‍රික්කය තුළ දැනට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයක් ස්ථාපිත කර තිබේ.
යාපනය, කිලිනොච්චි හා මුලතිව් යන දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාවට ආගමන හා විගමන කටයුතු ආශ්‍රිත සේවාවන් ලබා ගැනීම උදෙසා වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය වෙත ගමන් කිරීමේදී විශාල කාලයක් වැය කිරීමට සිදුවේ.
උතුරු පළාතේ ජනතාව විශාල වශයෙන් විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම් කර ඇති බැවින්, ඔවුන් සඳහා කඩිනම් සේවාවක් ලබා දීම පිණිස යාපනය දිස්ත්‍රික්කයේ ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයක් ආරම්භ කිරීම සුදුසු බවට 2025-01-31 දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී යෝජනා වී තිබේ.
ඒ අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යෝජිත යාපනය ප්‍රාදේශීය කාර්යාලය, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ මෙම මාසයේදී ස්ථාපිත කිරීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුරාධපුර තිබුණ කාර්යාලය තමයි වවුනියාවට ගෙනිච්චේ. උතුරු පළාතෙ විතරක්ද ජනතාව අපහසුතාවයට පත් වෙන්නෙ. අනිත් මිනිස්සු මොක්කුද එතකොට
උතුරට කිරි අපට කැකිරි . තවත් මොනවද දෙන්න තියෙන්නේ? ඒකත් දෙනවාද?
කොටින්ට දැලි පිහිය
ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකටම පාස්පෝට්, හැදුනුම්පත්, ආදායම් බලපත්‍ර ගන්න ස්ථානයක් තියෙන්න ඕනේ.
දිවයිනේ සෑම ප්‍රදේශයකම ජිවත්වන ජනතාවට තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සාමාන්‍ය ක්‍රමයට ගමන් බලපත් අයදුම්පත් භාර දෙන්න පුළුවන් විදිහට කටයුතු සලස්වන්න , දිවෛනේ සෑම පළාතකම එක බැගින් එක්දින ක්‍රමයට අයදුම්පත් භාර දෙන්න කාර්යාල විවුර්ත කරන්න , මේවට අමතර නිලධාරී අවශ්‍ය වෙන්නේ නැහැ පරදේශීය ලේකම් කාර්යාල වල අවශ්‍ය ප්‍රමනෙට වැඩිය උපාධි ධාරී රජයේ සේවකයෝ ඉන්නවා ඔවුන් මේවට පුරුදු පුහුණු කරලා ගන්න පුළුවන් , අවශ්‍ය ගොඩනැගිලි වැනි වෙනත් පහසුකම් පවා රජයට එම පළාත් වල තිබෙනවා , මුද්‍රණ වියදම් ඩොලර් 5 ක් (1500Rs ) වෙන පාස්පෝර්ට් එක එක්දින ක්‍රමයට රජය දෙන්නේ රුපියල් 20000 අයකරල, පාස්පෝර්ට් මගින් රජයට විශාල ලාභයක් ලැබෙනවා , රජය එම නිසා මුදල් ගෙවන පුරවැසිය රස්තියාදු කරන්න එපා .කියව , කියව ඉන්නේ නැතුව රජය වහාම ක්‍රියාත්මක වන්න , මේවා තමා ජනතාව ඉල්ලපු සහ අගයන system chenge
යාපනයට දෙනවා නම් ආපහු වවුනියාවේ කාර්යාලය අනුරාධපුරයට ගෙනාවනම් හොඳයි නේද..?