(රොමේෂ් මධුෂංඛ)
යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය, අරවියල්නගර් ප්‍රදේශයේ පිහිටි ඉංජිනේරු පීඨයේ සිසු කණ්ඩායම් දෙකක් අතර ඊයේ (24) රාත්‍රියේ ඇති වූ ගැටුමකින් සිසුන් 11 දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.
ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් හා පළමු වසර සිසුන් බහින්බස්වීමක් සිදු වී ඇති අතර පසුව එය දුරදිග යාමෙන් සිසුන් පහරදී ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.
ගැටුමෙන් තුවාල ලැබු සිසුන් පිරිසක් කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කරනු ලැබීය.
කෙසේ වෙතත් පහරදීම හෝ පහර කෑ පාර්ශවයන්ගෙන් මෙතෙක් කිලිනොච්චිය පොලීසියට පැමිණිල්ලක් ලැබී නොමැති අතරම අදාළ ගැටුම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගෙන ඇති බවද කිලිනොච්චිය පොලීසිය පවසයි.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලක සභාවේ නිලධාරීන්ගෙන් සිදුකළ විමසීමකදී පැවසුවේ සිසු ගැටුම සම්බන්ධයෙන් ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණේ විශ්ව විද්‍යාලවල ගති ගුණ උතුරටත් බෝවෙලා වගෙයි...