
(සුජිත් හේවාජුලිගේ)
යාපනය ජනාධිපති මන්දිරය ඉදිකර ඇත්තේ යාපනයේ ජනතාවගේ ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීමෙන් බව නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය කළ විමර්ශනයකදී තොරතුරු හෙළි වී ඇත.
ජනාධිපති මන්දිරයේ ඉඩමට අයිතිකරුවන් අට දෙනකු ඉදිරිපත්වීම හේතුවෙන් එම මන්දිරය ආයෝජකයෙකුට ලබාදීමට ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අප නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම මන්දිරය ආයෝජකයෙකුට ලබාදීමට පෙර ඉඩමේ අවුල් සියල්ල නිරවුල් කරගත යුතු බවයි.
ඉඩමේ අවුල් නිරවුල් කරගැනීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.
යාපනයේ ජනාධිපති මන්දිරය විවිධ ආයෝජන සඳහා ලබා ගැනීමට කැනඩාවේ ආයෝජකයෙකු ඇතුළු පිරිසක් දැනටමත් ඉදිරිපත්ව සිටිති.
2010 2015 අතර කාල සීමාවේදී ඉදිකර ඇති යාපනය ජනාධිපති මන්දිරය පිහිටා ඇත්තේ කන්කසන්තුරේ ප්‍රදේශයේ අක්කර තිහක පමණ භූමිභාගයකය.
එම ඉඩමේ අක්කර පහළොවක් පුරා ගොඩනැගිලි ඉදිකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමනම් ඉඩම් මංකොල්ල කාරයොත් එක්තරා කාලයක රට පාලනය කරලා තියෙනවා වගේ...
මෙම ඉඩම් අන්අයගේ නම් මතුපිට ඉදිකිරීම් කිසිවෙක්ට ආණ්ඩුවේ අයිතිය කියන්න බැරිය.
අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගන්න වගකුයි පේන්නේ. බැලූ බැල්මට හරිම ප්‍රගතිශීලි වැඩ වගේ පෙනෙයි. ඩෝබිලත් හොඳ ගායනා කරයි. අන්තිමට වෙන්නේ රාජ්‍ය අයිතීන් ක්‍රමයෙන් ඉවත්වී ගොස් කොටි ඩයස්පෝරාව ට ඕනෑ විදිහට පඹයින් නටන එක. මේ ඇති කරන ප්‍රශ්න විසඳන්න වෙන්නේ වෙනත් පරපුරකට. නිවටයින් වේදිකාවෙන් බැසයාවි ඉක්මනින්. නමුත් ඇතිකළ ගැටළු ඉතිරිවේවි...!
පොහොට්ටුවේ ආණ්ඩුව රට බංකොළොත් කරපු තවත් සුදු අලි ව්‍යාපෘති...
මොකක්ද ඔය අනවසරයෙන් අත්පත්කර ගන්නවා කියන්නේ ඒක පැහැදිලි නැහැ. සාමාන්‍යයෙන් රජයේ අවශ්‍යතා වලදී ගැලගෙන තැනකින් ඉඩම් අත්කර ගන්නවා. එහෙම වෙලාවට කිසිම අයිතියක් නැති මිනිස්සුත් අපිටත් අයිතියි කියලා කිසිම ලියවිල්ලක් නැතුව ඉදිරිපත්වෙලා අවුල් ජාලාවක් කරනවා අන්තිමේ නියම අයිතිකාරුවටත් බොරු අයිතිකරුවන්ටත් ගෙවීම් නොකර එම මුදල් විවිධ තැන්පතුවල තැන්පත් කරනවා. මේක මිනිස්සු ඉඩමේ නියම අයිතිකරුවන් අපහසුතාවට පත්කරන්න කරන දෙයක්.. ඒ ගැන පුලුල් සමීකරණයක් කරනවා නම් රටේ තවත් ඔහොම දේවල් අනන්තවත් හමුවේවි...
මේක ජනාධිපති මැදිරියක් නෙවෙයි. කන්ෆරන්ස් හෝල් එකක් සහ විසිටර්ස්ලාට ඉන්න හදන්න කරපු එකක්. බොරුවට නටන්නේ නැතිව ඒ ඉඩම් හරියට අත්පත් කරගන්න...
ඉඩම් අවුල් නිරවුල් කර සංචාරක කර්මාන්තය දියුණු කිරීමට හෝ වෙනත් අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමට ආයෝජකයකුට ලබාදීම සුදුසු වේ...
ඕනෑම රටක ජනාධිපතිවරයෙකු හොඳ පවුල් පසුබිමකින් පැමිණිය යුතු අතර, හොඳ අධ්‍යාපනයක්, මහජන සම්බන්ධතා කුසලතා සහ දේශප්‍රේමියෙකු විය යුතුය. අපට අහම්බෙන් සිටියේ ඉතා ස්වල්ප දෙනෙක් පමණි. එවැනි පුද්ගලයෙකුට තේරී පත් වුවහොත් ජනාධිපති ධුරය භුක්ති විඳීමට සහ එය ඉටු කිරීමට පහසුකම් තිබිය යුතුය. අවාසනාවකට මෙන්, සමහර උන්මත්තකයින් සිතන්නේ සහ අපේක්ෂා කරන්නේ ජනාධිපති ඊනියා සමාජවාදී සතෙකු ලෙස ජීවත් වී හැසිරෙනු ඇති බවයි. මෙම ආකාරයේ මානසිකත්වය JVP විසින් ඇති කරන ලද්දක් බැවින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සමාජ පන්තියේ පහළම මට්ටමින් පැමිණි අය වෙති. ඔවුන්ගේ ක්‍රියාවන් සහ නොහැකියාව අපි දිනෙන් දින දකිමු.
8ක් ඉන්නවා කියන්නෙ 7ක් ව්‍යාජ ලිපි සම්බන්ධව හිරේ යාමට නියමිතයි කියන එක...
දැන් කල යුත්තේ ජනාධිපති මන්දිරේ සහිත ඉඩම සම්බන්ධයෙන් අදාල පුද්ගලයින්ගේ අයිතිය සොයා බලලා ඔවුන්ට ඉඩමට අදාල වන්දිය ගෙවීම හෝ සුදුසු තැනකින් ඉඩම් ලබාදීම, අදාල දේපල වසර 5ක් වැනි කෙටි කාලයක බදු දෙන්න රජය මේක බාධාවක් ලෙස සලකන්න අවශ්‍ය නැහැ. රටේ සංවර්දන කටයුතු සඳහා අවශ්‍ය ගොඩනැගිලි, මාර්ග, ජලාශ ඉදිකරන්න ජනතාවගේ ඉඩම් සුදුසු වන්දියක් ගෙවීමට හෝ විකල්ප ඉඩම් ලබාදීමෙන් පසු රජයට පවරාගන්න අවශ්‍ය ප්‍රතිපාදන නීතියෙන් රජයට ලැබිලා තිබෙනවා..