IMG-LOGO

යාපනයේ කඩු කල්ලියක ප්‍රබලයින් 05 ක් දැලේ

( රොමේෂ් මධුෂංඛ)

යාපනයේ ක්‍රියාත්මක කඩුකල්ලියක ප්‍රභල සාමාජිකයින් 05 දෙනෙකු යතුරුපැදි සහ තියුණු කඩුද සමග අත්අඩංගුවට ගත් බව යාපනය පොලිස් කොට්ඨාශ අපරධ විමර්ශන අංශය පවසයි.

යාපනයේ විවිධ ප්‍රදේශයන්හි නිවෙස් වෙතට කඩුත් සමග ඇතුලු වී නිවැසියන්ට පහරදීම රන් ආබරණ කොල්ලකෑම, දේපල අලාභහානි සිදුකිරීම, යතුරුපැදි සොරකම් කිරීම සහ පුද්ගලයින්ට තියුණු ආයුධ වලින් පහර දී තුවාල සිදුකිරීම ආදි අපරාධ රැසකට සොයමින් සිටි සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට පොලීසිය පැවසීය.

කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලැබුණු බුද්ධි තොරතුරුවලට අනුව එහි ස්ථානාධිපති ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් සැකකරුවන් නවාලි, මාණිප්පායි, කරෙයිනගර් සහ විශ්වමඩු යන ප්‍රදේශයන්වලින් අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති අතර එහිදී සැකකරුවන් විසින් අපරාධ සඳහා යොදාගත් බවට සැකකෙරෙන යතුරුපැදි 03 ක්ද සමගින් ඔවුන්ගේ නිවෙස් වල සඟවා තිබූ තියුණු කඩු දෙකක්ද පොලිස් නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24 සහ 26 අතර වයස්හි පසුවන අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටත් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ අරඹා ඇති බවටද පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

යාපනයේ කඩු කල්ලියක ප්‍රබලයින් 05 ක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 905 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1304 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site