IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


යාපනේ පහක් කපා කොටා මරා දමලා

(ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ඩෙල්ෆ්ට් ජැටිය ආසන්නයේ නිවසක් තුළ කපා කොටා ඝාතනය කළ පුද්ගලයන් පස් දෙනෙකුගේ මළ සිරුරු අද (22) දහවල් සොයාගත් බව පොලිසිය පවසයි.

මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයන් දෙදෙනකු සහ සහ කාන්තාවන් තිදෙනකු සිටින බවත්, ඔවුන් ඥාතීන් බවත් පොලිසිය කියයි.

මෙම පිරිස අතර නිවසේ අඹු සැමි යුවළ ද සිටින බව පොලීසිය පවසයි.

සිද්ධියෙන් තවත් කාන්තාවක් බරපතළ කැපුම් තුවාල ලබා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මෙම ඝාතන ඊයේ (21) රාත්‍රියේ හෝ අද (22)සිදුකරන්නට ඇති බවට පොලීසිය සැකකරයි.

ඝාතනයට ලක්වූ සියලු පිරිස වයස අවුරුදු 60 ට වැඩි පිරිසක් බවත්, ඝාතනයට ලක් වූ අඹුසැමි යුවළට අමතරව සෙසු පිරිස කෝවිලේ උත්සවයකට පැමිණ සිටි ඥාතීන් පිරිසක් වන බව පොලිසිය කියයි.

 



අදහස් (0)

යාපනේ පහක් කපා කොටා මරා දමලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site